1] ඇවිදින්න
කිසිදු වියදමක් නැති, හොඳ නිරෝගී සිරුරක් ලබාදෙන, පහසුවෙන් ඕනෑම අයෙකුට කල හැකි හොඳම ව්‍යායාමයකි.
විනාඩි 30ක් වේගයෙන් ඇවිදීමේදී (brisk walking) කැලරි 150ක් පමණ වැයවේ. දණහිස් ආබාධ හෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විදින්නන්ට සුදුසුය.
හදවත ශක්තිමත්වීම, රුධිරපීඩනය අඩුවීම, යහපත් කිරීමට, අස්ථි හා මාංශපේෂි නිරෝගීභාවයට උදවුවේ.
එමෙන්ම දෛනික රාජකාරි ජීවිතයේදී ඇතිවන මානසික ආතතිය ලිහිල් කිරීමට මෙන්ම හොඳ රාත්‍රී නින්දක් සඳහාද නිතරම ඇවිදීමෙන් ලැබෙන තවත් වාසිවේ.
ඇවිදීමට පටන්ගැනීමේදී විනාඩි 5ක් පමණ සෙමින් ඇවිදිමින් මාංශපේෂි උණුසුම් කරගැනීමෙන් පසු (warm-up) වේගයෙන් ඇවිදීම පටන්ගන්න. හොඳම ප්‍රථිපල ලබාගැනීම සඳහා සතියකට දින 5ක්, දිනකට විනාඩි 30ක වේගවත් ඇවිදීම සිදුකල යුතුය.
2] බයිසිකල් පදින්න
ඉහල කැලරි ප්‍රමාණයක් වැයකරගත හැකි, හදවතට ඉතා හොඳ ව්‍යායාමයක් ලබාදෙන, දණහිස්, තුනටියේ හා කොන්දේ ආබාධ ඇති අයටද සුදුසු ව්‍යායාමයකි.
![](http://images.clipartpanda.com/bicycle-20clip-20art-riding_a_bicycle_311140.jpg)
බයිසිකල් පැදීමෙන් හදවතට ලැබෙන ව්‍යායාමය, දිවීමෙන් හදවතට ලැබෙන ව්‍යායාමයට සමානය.
සිරුරේ බර දණහිස්වලට නොවැටෙන ව්‍යායාමයක් නිසා තරබාරු අයටද පහසුවෙන් කල හැකි ව්‍යායාමයකි.
බයිසිකල් පදිනවිට සැළකිය යුතු කරුණු;
- ආරක්ෂිත හෙල්මට් පලඳින්න
- සැහැල්ලු ව්‍යායාම ඇඳුම් අඳින්න
- උඩුකයට ලා පැහැති ඇඳුමක් ඇඳීමෙන් වාහනවල රියැදුරන්ට ඔබව පැහැදිලිව පෙනේ.
- හැකිනම් බයිසිකලයට පිටුපස ස්පන්ධනය වන රතු LED ආලෝක පහනක් (blinking red light) හා ඉදිරිපසට ස්පන්ධනය වන සුදු LED ආලෝක පහනක් සවිකර ගන්න.
3] දිගුදුර ඇවිදින්න (Hiking)
නිතිපතා කල හැකි ව්‍යායාමයක් නොවුවත්, දිගු නිවාඩුවක් ලැබුණුවිට යෙදිය හැක හොඳ ව්‍යායාමයකි. ඈත ප්‍රදේශයක අලුත් පරිසරයක ඇවිදීමෙන් ලැබෙන ප්‍රබෝධයට අමතරව ඉහල කැලරි ප්‍රමාණයක් දවාගත හැකි, හොඳ ව්‍යායාමයකි. දිගුදුරක් ඇවිදීමෙන් සිරුරට ලැබෙන වාසි බොහොමයකි.
හදවතට හොඳ ව්‍යායාමයක් වන අතර රුධිර පීඩනය හා රුධිරයේ සීනි අඩුකරයි. අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි. කකුල්වල, තුනටියේ හා කොන්දේ මාංශපේෂි ශක්තිමත් කරයි.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment