අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS STRATEGY : අද විවෘත වන Amazon.com පොත් සාප්පුව






















ඇමසන් නිසා බංකොලොත් වුනු පොත් සාප්පු අනන්තයි. බිල්ඩිං කුළි ගෙවාගෙන, ලොකු ලයිට් බිල්, නඩත්තු වියදම් හා සේවක පඩිනඩි ගෙවා ගත්තම පොත් විකුණලා ලැබෙන සොච්චම් ලාබෙන් ඇදගෙන ගිය පොත් සාප්පු නැත්තටම නැතිවුනේ ගෙදර ඉඳගෙන අඩුවට පොතක් ගෙන්න ගන්න පුලුවන් විධියට හදපු ඇමසන් බිස්නස් මොඩල් එක නිසා.

ඇමසන්ලගෙ සදාකාලික ඩිස්කවුන්ට් එක්ක තරඟ කරන්න බැරුව සමහර පොත් සාප්පු අරුමෝසම් බඩු සාප්පු, ඉලෙක්ට්‍රොණික් බඩු විකුණන කඩ බවටත් හැරුනා. ලංකාවෙ වුනත් පොත් සාප්පු කිව්වට වැඩියෙන් තියෙන්නේ පාසැල් ළමයින්ට ඕනෑ ලිපි ද්‍රව්‍යනෙ.

ලෝකෙ පුරාම පොත් සාප්පු කාරයන්ට විතරක් නෙමෙයි පොත් ප්‍රකාශකයින්ටත් සෙනසුරා ලබවපු ඇමසන් ඔන්න දැන් එයාලගෙම පොත් සාප්පුව අරිනවා. අද විවෘතවන මේ සාප්පුව ඇරෙන්නේ නිව් යෝර්ක් නුවර මෑන්හැටන් දූපතේ සාප්පු සංකීර්ණයක. ඇමසන් පොත්සාප්පුව බිහිවෙන තැන කලින් තිබුනෙත් "Borders Books and Music" කියල ලොකු පොත්සාප්පුවක්. ඒක බංකොලොත් වුනා (ඇමසන් හින්දා වෙන්න ඇති )

සාප්පුව විවෘත කරන්න ඉස්සෙල්ලා, එහි චාරිකාවක යන්න ඇමසන් සමාගම මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයකට අරාධනා කරලා තිබුනා. මෙහි චාරිකාවක නිරතවුනු Recode තාක්ෂණික තොරතුරු වෙබ් අඩවියේ වාර්තාකරු ඩැන් ෆ්‍රොමර් අරගත්ත ඡයාරූප කිහිපයක් ඔබට පෙන්වන්නම්.

ඇමසන් පොත් සාප්පුවේ ඇති වැදගත් ලක්ෂණයක් නම්, ඇමසන්.කොම් අඩවියෙන් එම පොත් අරගත්ත අයගේ කෙටි විචාර ඇමසන් ෆෝන් ඇප් එකක් මගින් බලා ගන්න පුලුවන්වීම. ඒවගේම ඇමසන් ප්‍රයිම් සාමාජිකයින්ට සාප්පුවේ පොත් මිල ඇමසන්.කොම් අඩවියේ මිළමයි. ප්‍රයිම් සාමාජිකත්වය නැතිනම් සාමාන්‍ය මිල ගෙවන්න වෙනවා. හැබැයි කැමතිනම් ප්‍රයිම් සේවාවේ "පිරික්සුම්" සාමාජිකත්වය අගන්නත් පුලුවන්.











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments