අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

WEAPONS TECHNOLOGY : යුධ සෙබළුන්ට සුපිරි පෙනීමක් දෙන Tactical Augmented Reality තාක්ෂණය


ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ  Defense Advanced Research Projects Agency, හෙවත් DARPA යුධ තාක්ෂණ නිර්මාණ ආයතනය, යුධ පිටියේදී සෙබලුන්ට සුපිරි පෙනීමක් ලබාදෙන Tactical Augmented Reality (TAR)  නම් තාක්ෂණයක් නිර්මාණය කොට තිබෙනවා.

ඔග්මෙන්ටඩ් රියලිටි තාක්ෂණයේදී සිදුවන්නේ,  ඇස් කන්නාඩියක් වැනි පාරදෘෂ්‍ය තිරයක් ඇති ඇස් පළඳනාවක් මගින්, පලඳින්නා යමක් දෙස / යම් ප්‍රදේශයක් දෙස බලන විට, එම වස්තුව හෝ එම ප්‍රදේශය පිලිබඳව ප්‍රයෝජනවත් තොරතුරු එම වස්තුව හෝ ප්‍රදේශයේ ඇති වැදගත් ස්ථාන ආශ්‍රිතව දැක්වීමයි. 

උදාහරණයක් ලෙස ඈතින් සිටින සතුරු යුධ රථයක් දෙස බැලූවිට එම සතුරු යුධ රථය ගමන් කරන වේගය, දිශාව හා එයට ඇති දුර, මෙන්ම එහි යුධමය හැකියාවන් පිලිබඳව තාක්ෂණික තොරතුරු පෙන්වාදෙයි.

ඩාර්පා ආයතනයේ TAR නිර්මාණය කොට තිබෙන්නේ සෙබළාගේ හෙල්මටයට සවිකල, දකුණු ඇසට නාභිගත වන කුඩා තිරයක් ආකරයටයි. ඇසට ඉතා ආසන්නයේ ඇති නිසා තිරය විශාල ලෙස පෙනෙන අතර සෙබලා බලන ඕනෑම ප්‍රදේශයක සිතියම, වැද්ගත් ගොඩනැගිලි, සතුරු බළුමුලු සිටිය හැකි තැන් එම දසුනට උඩින් ආකාරයට පෙන්වනවා.


ඩාර්පා ආයතයන පවසන ආකාරයට දැනටමත් මෙම ඔග්මෙන්ටඩ් රියැලිටි තාක්ෂණය අඩංගු හෙල්මට යම් යම් ඇමරිකන් විශේෂ බළකා මගින් යුධ බිම්වල පරීක්ෂණයට බඳුන් කරනවා. ඒවා සිදුවන්නේ මොන විදෙස් යුධ බිම්වලදැයි විස්තර කිරීම ආරක්ෂක හේතූන් මත ප්‍රතික්ශේප කොට තිබෙනවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments