අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS STRATEGY : ලෝකයේ වැඩියෙන්ම වැඩකරන රටවල් හා ජපනුන්ට වඩා වැඩකරන ලාංකිකයෝ






















ලෝකෙන්ම වැඩියෙන්ම වැඩකරන සේවකයෝ ඉන්නේ මෙක්සිකෝවේ කියලා OECD (Organisation for Economic Co-operation and Development) අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මෙක්සිකානුවන් අවුරුද්දකට පැය 2246ක් වැඩ කරනවා.

ආසියාවේ වැඩියෙන්ම වැඩකරන්නේ දකුණු කොරියානුවන්. දකුණු කොරියානුවන් අවුරුද්දකට පැය 2113ක් වැඩ කරනවා. අවුරුද්දකට වැඩකරන දින 247ක් තියෙන දකුණු කොරියාවේ සේවකයෙකු සතියකට වැඩකරන සාමාන්‍ය පැය ගණන 68ක් පමණ වෙනවා.

යුරෝපයේ වැඩියෙන්ම වැඩ කරන මිනිස්සු ඉන්නේ ග්‍රීසියේ. රුසියානුවනුත් වැඩියෙන්ම වැඩ කරන ජාතීන්ගෙන් එකක්.

ඇමරිකානුවන්, කැනේඩියානුවන්ට වඩා පැය අවුරුද්දකට 85ක් විතර වැඩිපුර වැඩ කරනවා. අවුරුද්දකට පැය 1665 වැඩකරන ඔස්ට්‍රේලියනුවන්ට වඩා පැය 92ක් වැඩකරන නවසීලන්ත ජාතිකයින් අවුරුද්දකට පැය 1757ක් වැඩ කරනවා.

ලංකාවේ?

ලංකාව ගැන මේ සමික්ෂණයේ නෑ. ඒත් අපි පොඩි ඇස්තමේන්තුවක් කරලා බලමු ලංකාවේ තත්වෙ. මේ වෙබ් අඩවියට අනුව ලංකාවේ පොදු නිවාඩු 25ක් තියෙනවා. ඒ වෙබ් අඩවියෙම දකුණු කොරියානු නිවාඩු පිටුවට අනුව දකුණු කොරියාවේ පොදු නිවාඩු 21ක් තියෙනවා.  ජපානයේ පොදු නිවාඩු 16යි.

ඒ අනුව ලංකාවේ නිවාඩුව් වැඩියි කියලා ප්‍රයිවෙට් සෙක්ටර් බොස්ලා කෑ ගැහුවට මම ඒක පිලිගන්නේ නෑ.  ව්‍යාපාර කළමණාකාර විශේෂඥයෙක් විධියට මගේ පෞද්ගලික මතය ලංකාවේ බොහෝ පෞද්ගලික ව්‍යාපාර සේවකයින් ගෙන් පැය 8ට වඩා බොහෝ වැඩ ගන්නවා කියන එක. ලංකාවේ පෞද්ගලික ආයතන වලින් වැඩියෙන්ම මිනිස්සුන්ගෙන් වැඩ ගන්නේ පෞද්ගලික බැංකු. බැංකුවක වැඩ කරන බිරිඳක් හරි සැමියෙක් හරි ඉන්න අය මම මේ කියනදේ පිලිගන්නවා කියලා මම දන්නවා.

ලංකාවෙ පොදු නිවාඩු  - 25යි (මේ පොදු නිවාඩු වලින් 2ක් ඉරිදා වැටිලා තියෙනවා. ඒත් එක ගණනය කිරීමේදී අඩුකරලා නෑ.)

සති අන්ත  නිවාඩු 52x2 - 104යි (පෞද්ගලික අංශයේ බොහෝ ආයතන සෙනසුරාදා දවස් භාගයක් වැඩ, ඒත් ගණනය කරද්දී සෙනසුරාදා දවසම නිවාඩු විධියට අරගෙන තියෙන්නේ)

මුළු නිවාඩු දින දළවශයෙන් - 129යි

මුළු වැඩකරන දින - 236යි

දවසට පැය අටක වැඩ මුරය සැලකූවිට ලාංකිකයෙකු දලවශයෙන් අවුරුද්දකට වැඩ කරන පැය ගණන - 1888 (8 x 236)

OECD වාර්තාවට අනුව ජපනෙක් අවුරුද්දකට පැය 1719යි. එතකොට දල ගණනය කිරීමකදී අපි ජපනුන්ට වඩා වැඩ කරනවා නේද?  හැබැයි මගේ ගණනය කිරීම් වලට ලංකාවේ මිනිස්සු ගන්න ලෙඩ නිවාඩු, ප්‍රසූත නිවාඩු, වාර්ෂික නිවාඩු, අනං මනං නිවාඩු (casual leave) ඇතුලත් කරලා නෑ. OECD ගණනය කිරීම් වලදී ඒවා ඇතුලත් කරලා තියෙනවා. එතකොට ලංකාවේ වැඩ කරන පැය ගණන තව අඩුවෙන්න ඕනෑ.

ඒ මොනවා වුනත් ලංකාවේ සේවක සේවිකාවෝ කම්මැලි, ගොඩක් නිවාඩු ගන්න, අඩුවෙන් වැඩ කරන අය කියන්නේ බොරු. 

වැඩකරන සේවකයින්ගේ අභිප්‍රේරණය වැඩිකරලා (මෝටිවේෂන්) ඵලදායිතාවය වැඩිකරන එක ඔවුන් සේවය කරන සමාගමේ යුතුකම හා වගකීම. ඒක සේවකයෝ පිට පටවන්න බෑ.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments