Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 11 May 2017

MILITARY AIRCRAFT : අලුත්ම චීන නාවික ප්‍රහාරක ඩ්‍රෝනයේ ඡායාරූප එලියට

චීන සමාජ-ජාලවල පලවුනු ඉතා පහතින් පියාසර කරන නොහඳුනන ඩ්‍රෝන යානයේ ඡායාරූපය























තවමත් නමින් හඳුනා නොගත් මේ ඩ්‍රෝනය යානය, චීනයේ අලුත්ම ප්‍රහාරක ඩ්‍රෝන යානය බව චීන සමාජ ජාල පවසනවා. ඉතා පහතින් පියාසර කල හැකි මෙය, නාවික ඉලක්කයන් විනාශ කිරීම සඳහා ටොන් 1ක ටෝපිඩෝ බෝම්බ ගෙනයන බවයි පැවසෙන්නේ.

ඉතා පහතින් පියාසර කරන නිසා, නෞකාවල අණතුරු ඇඟවීමේ රේඩාර් වලට හසු නොවී යුධ නෞකා ආසන්නයටම පැමිණ ටෝපිඩෝ බෝම්බ ප්‍රහාරය එල්ලකල හැකි බව පැවසෙනවා.

China Academy of Aerospace Aerodynamics (CAAA) මගින් නිර්මාණය කල CH කාණ්ඩයට (මේ කාණ්ඩය රේන්බෝ කාණ්ඩය ලෙසද හඳුන්වනවා) අයත් යයි සැක කෙරෙන මෙම අලුත්ම ඩ්‍රෝනය, චීනය වසර 2000සිට නිර්මාණය කරන ලද 9වැනි ප්‍රහාරක ඩ්‍රෝනය බවයි කියවෙන්නේ. පසුගිය වසරේදී CAAA ආයතනය නිර්මාණය කල CH-5 අතිවිශාල බෝම්බ ප්‍රහාරක ඩ්‍රෝනය ලොවට හඳුන්වාදුන්නා.

ඉන්ධන පුරවා නොගෙන දින 5ක් එකදිගට පියාසර කල හැකි අතිවිශාල CH-5 ඩ්‍රෝනය.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...