Related Posts Plugin for WordPress, Blogger...

Monday, 22 May 2017

WTF?? : අලියෙක් ඇඟට වැටී මැරුණු දඩයක්කාරයා?


තෙවුනිස් බෝතා දකුණු අප්‍රිකාවේ ට්‍රැකර්වරයෙක් හා විශාල සතුන් දඩයක්කරුවෙක්. ඔහුගේ රැකියාව වුනේ විනෝදයට දඩයම් කරන්නන් එක්ක දඩයම් සෆාරි එක්කන් යන එක.

බෝතා දකුණු අප්‍රිකානු වැසියෙක් වුනාට දඩයම් කලේ නීතියක් නැති සිම්බාබ්වේ රටේ.

බෝතාගේ අන්තිම දඩයම වැරදිලා බව ආරංචි වෙනවා. වෙනදා වගේම සිම්බාබ්වේ ග්වායි ප්‍රදේශයට දඩයක්කරුවන් පිරිසක් අරගෙන ගිය බෝතා ඇතුලු පිරිසට කුඩා පැටවුන් ඉන්න අප්‍රිකානු අලි රංචුවක් හමුවෙලා.

පිරිස වෙඩි තබනකොට වියරු වැටුනු විශාල ඇතෙක් පිරිස දිහාට දුවගෙන ඇවිල්ලා බෝතාව හොඬවැලෙන් අරගෙන තියෙනවා. බෝතාගේ දඩයම් සගයින් අලියට වෙඩි තියලා. වෙඩිලාපු අලියා ඇදෙගෙන වැටෙනකොට ඊට යටවුනු බෝතා තැලී මිය ගිහින්.

වෙඩි වදින සතුන්ට දැනෙන මරණ බය, ඉවසිය නොහැකි වේදනාව බෝතාටත් දැනෙන්න ඇති.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...