අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

GLOBAL CYBER ATTACK : WannaCry ප්‍රහාරය සැළසුම්කලේ උතුරු කොරියාව?





























WannaCry රැන්සම්වෙයා වෛරසයේ ප්‍රහාරයට ලක්වූවන් මෙන්ම සයිබර් ආරක්ෂණ ආයතනවලට වටහා ගැනීමට අපහසු එක් දෙයක් වූයේ මෙම ප්‍රහාරයට ලක්වූ පරිගණක නැවත නිදහස් කරගැනීම සඳහා වෛරසය නිර්මාණය කල හැකර්වරුන් ඉල්ලා සිටින කප්පම හෙවත් රැන්සම් එක බොහොම අඩුවීමයි. මෙතරම් ලොව පුරා ව්‍යාප්තවන ප්‍රහාරයක් සැළසුම් කරලා, සුලු මුදලක් කප්පම් ලෙස ඉල්ලා සිටීම අදහාගත නොහැකි දෙයක් බව බොහෝ සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ මතයයි. 

සමහර සයිබර් ආරක්ෂණ විශේෂඥයින් දැන් මෙම ප්‍රහාරය උතුරු කොරියාවේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන හැකර් කණ්ඩායමක  මෙම ප්‍රහාරයට වගකිවයුතු බවට විශ්වාස කරනවා. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ගෙන හැර දක්වනවා.

එක් සාක්ෂියක් නම් WannaCry වෛරසයේ පරිගණක වැඩසටහන් කේත පරීක්ෂාකිරීමේ එහි පරිගණක කේත මාලාවේ (virus programme code) එක් කොටසක් 2017 පෙබරවාරියේදී මතුවූ Contopee නම් රහසේ පරිගණකවලට ඇතුලුවිය හැකි මෘදුකාංගයකද එලෙසම, වෙනසකින් තොරව තිබූ බව සයිබර් ආරක්ෂණ හා පරිගණක වෛරස විශේෂඥයින්ට පෙනීයාමයි. Contopee මෘදුකාංගය නිර්මාණය කොට ඇත්තේ Lazarus නම් හැකර් කණ්ඩායමක්. ලාසරස් කණ්ඩායම උතුරු කොරියාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවට තහවුරුවී තිබෙනවා. එනම් උතුරු කොරියානු හැකර් කණ්ඩායමක් නිර්මාණය කල පරිගණකවලට හොරෙන් ඇතුලුවීමේ මෘදුකාංගයක කොටස් වෙනසකින් තොරව WannaCry වෛරසයේද තිබීම, එම වෛරසය නිර්මාණය කරන්නට ඇත්තේ උතුරු කොරියානු හැකර් කණ්ඪායම විසින්ම බවට එක් සාක්ෂියක්.

ලාසරස් කණ්ඩායම උතුරු කොරියාවේ සිට මෙහෙයවන බව අමෙරිකානු ඔත්තු සේවයන් හෙලිකර ගත්තේ ලාසරස් කණ්ඩායම 2014දී සෝනි සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පැවැත්වූ පරීක්ෂණ වලදී. එපමණක් නොව උතුරු කොරියාවේ සිට මෙහෙයවන ලාසරස් හැකර් කණ්ඩායම ලෝකයේ බැංකු අතර මුදල් හුවමාරුවන SWIFT ජාලයට හොරෙන් ඇතුලුවී බංග්ලාදෙශ හා වියට්නාම් බැංකු හරහා මිලියන ගණනක් සොරාගෙන තිබෙනවා.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments