අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

INNOVATIONS : 150 වැනි උපන්දිනය සමරන ඩයිනමයිට්


මීට වසර 150කට පෙර අදවැනි දිනක (මැයි 7), ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවර ගොඩනැගිලි ඉදිකරන්නෙක් ලොව වෙනස් කරන සොයාගැනීමක් සිදුකලා. මෙතෙක් කල් භාවිතාකල වෙඩි බෙහෙත් වලට වඩා බල සම්පන්න, එහෙත් ආරක්ෂාකාරී ලෙස පරිහරණය කල හැකි පිපුරුම් ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන්.

ලොව පලමු කෘත්‍රිම පිපුරුම් ද්‍රව්‍යය වුනේ 9 වැනි සියවසේ චීනුන් සොයාගත් වෙඩි බෙහෙත්. ඉන් බොහෝකලකට පසු ඉතාලි ජාතික ඇස්කැනියෝ සොබ්‍රෙරෝ නයිට්‍රෝ ග්ලිසරින් නම් අධිබලැති පිපුරුම් ද්‍රව්‍යය සොයාගත්තා. එහෙත් නය්ට්‍රෝග්ල්සරින් ඉතාමත් අස්ථාවර, සුලු කම්පණයකින් හෝ උෂ්ණත්ව්ය ඉහලයාමකින් පුපුරා යන, භාවිතයට ඉතා අපහසු පිපුරුම් ද්‍රව්‍යයක් වුනා. නයිට්‍රෝගිසරින් වල ක්ෂණික පුපුරායාම මෙල්ල කිරීමෙන් තමයි ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් නිපදවූයේ.

අස්ථාවර නයිට්‍රෝග්ලිසර්න් වලට ඩොලමයිට් මිශ්‍රකිරීමෙන් භාවිතයට පහසු, මැටි මෙන් විවිධ හැඩවලට සකස්කල හැකි, ලෙහෙසියන් පුපුරා නොයන, එහෙත් පුපුරායන විට ඉතා බල සම්පන්න පිපුරුමක් ඇති කරන ඩයිනමයිට් හදන හැටි නොබෙල් සොයාගත්තේ.

ඩයිනමයිට් ලොව සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තය මෙන්ම යුධ තාක්ෂණයද මුලුමනින්ම වෙනස් කලා. අති විශාල ගල් පර්වත අඩුවියදමකින් කඩා ගැනීමට ඩයිනමයට් භාවිතාකල හැකි නිසා බටහිර ලෝකයේ දැවැන්ත පාලම්, විශාල වේලි, දිගු උමන් මාර්ග ආදිය ඉදිවෙන්න පටන් ගත්තා. මේ හැම දෙයකටම ඩයිනමයිට් භාවිතා වුනු අතර ඩයිනමයිට් පේටන්ට් බලපත්‍රය හිමි ඇල්ෆ්‍රඩ් නොබෙල් ප්‍රකෝටිපතියෙකු කලා.

1870දී ප්‍රංශ-ජර්මන් යුද්ධයේදී ඩයිනමයිට් බෝම්බයක් පලමුවෙන්ම භාවිතා වුනු අතර ඩයිනමයිට් විශාල වශෙයෙන් භාවිතාවුනු පලමු යුද්ධය වුනේ ස්පාඤ්ඤ ඇමරිකානු යුද්ධයයි.

ඩයිනමයිට් විකිණීමෙන් ලබාගත් ධනය පලදායි කටයුත්තකට යොදාගැනීමට සිතූ ඇල්ෆ්‍රඩ් නොබෙල්, නොබෙල් පදනම ආරම්භකොට මිනිස්වර්ගයාගේ යහපතට හේතුවන සොයාගැනීම් හා නිර්මාණ කල පුද්ගලයින්ට ත්‍යාග ප්‍රධානය කිරීමට කටයුතු කලා.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments