අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

SPACE FLIGHT : අලුත්ම අභ්‍යවකාෂ ෂටල් යානය Phantom Express


ෆැන්ටම් එක්ස්ප්‍රස් : ඒ තමයි ඇමරිකාවේ හැදෙන අලුත්ම ෂටල් යානයට දීලා තියෙන නම. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේතුවට අනුබද්ධ DARPA ආයතනයේ ව්‍යාපෘතියකට අනුව බෝයිං සමාගම නිර්මාණය කරන මේ ෂටල් යානයේ නිළ හැඳින්වීම XS-1 ව්‍යාපෘතිය ලෙසයි.

ටොන් 1.3ක බරක් රැගෙන, ඕනෑම මොහොතක ගුවන්ගත කල හැකි ලෙස මෙය නිර්මාණය වනවා. දැන් රොකට්ටුවක් හෝ ෂටල් යානයක් ගුවන් ගත කරනවිට මාස ගණනාවක් හෝ සමහරවිට වසර කිහිපයක් සැළසුම් කරන්නට සිදුවෙනවා. ඒ නිසා හදිසි ප්‍රහාරයකින් අමෙරිකාවේ චන්ද්‍රිකා පද්ධතියට හානි සිදුවුව හොත්, ඒ සඳහා ආදේශක චන්ද්‍රිකා ගුවන් ගත කරගන්නට ඇමරිකාවට නොහැකිවී ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වනවා. XS-1 ෂටල් ව්‍යාපෘතියේ අරමුණ මේ අනාරක්ෂිත භාවය නැති කරලා දිනක් හෝ දෙකක් වැනි සුළු කාලයක සැළසුමකින් පසු අභ්‍යවකාශ ගතකරන්නට පුලුවන් ෂටල් පද්ධහ්ටියක් නිර්මාණය කර ගැනීම.



2020දී පලමු පියාසැරිය සිදුවන අතර දින 10ක් තුල අභ්‍යවකාශයට පියාසරි 10ක් සාර්ථකව අවසන් කිරීමයි ඔවුන්ගේ සැළසුම. විශ්‍රාම යැවූ නාසා ෂටල් යානා වල භාවිතාකල ප්‍රධාන ෂට්ල් එන්ජිම වන  Aerojet Rocketdyne AR-22 එන්ජිමක් සහිත ෆැන්ටම් යානය ගුවන්ගත වන්නේ රොකට්ටුවක් මෙන් සිරස් අතටයි.


මෙහි විශේෂත්වය වන්නේ, කක්ෂගත කරන් චන්ද්‍රිකාව ප්‍රධාන ශටලයේ නොව, ඊට අමුනා ඇති රොකට්ටුවේ ගබඩාකොට තිබීමයි. ෂටලය ගුවන්ගතවී අභ්‍යවකාශය අද්දරට පිවිසි පසු, චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිදහස් කරන අතර, රොකට්ටුවේ එන්ජිම දල්වාගෙන නියමිත කක්ෂය වෙත චන්ද්‍රිකාව රැගෙන යනවා. රොකට්ටුවෙන් වෙන්වූ ෂටල් යානය ගුවන් යානයක් ලෙස නැවත ගොඩ බසිනවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments