අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

MEDICAL RESEARCH : කුඩා ළදරුවන්ට ෆෝන්/ටැබ්ලට් දෙන්න එපා!! කතා කරන එක පරක්කු වෙයි!!


බහ තෝරන්නෙත් නැති කුඩා ළදරුවන්ට පවා ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් අතට දෙන එක අද දෙමව්පියන්ගේ පුරුද්දක් වෙලා. අඬනකොට නලවගන්න, කෑම කවාගන්න, කරදරෙන් බේරිලා ටිකක් ඉන්න දෙමව්පියන් මේවා නොදරුවන්ට දෙනවා. ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ හැම තැනම එහෙමයි.

එහෙත් පුංචි දරුවන්ට ෆෝන්/ටැබ්ලට් අතට දෙන එක ඒ දරුවන්ගේ වර්ධනයට දැඩිලෙස බලපාන බව කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් හෙලිවෙලා තියෙනවා. දිනකට විනාඩි 30කට වඩා ස්මාර්ට්ෆෝන් අතපතගාපු ලදරුවන් ගෙන් 40% වැඩි අය කතාකරන්න ප්‍රමාදවෙන බව ඔවුන් හොයාගෙන. 

ඒවගේම දකුණු කොරියාවේ පර්යේෂණයකින් වැඩිපුර ස්මාර්ට්ෆෝන් දිහා බලාගෙන ඉන්න දරුවන්ගේ ඇස් වපර වන්නට ඇති ඉඩ වැඩි බව සොයාගෙන. මේ නිසා දැන් ඇමරිකාවේ ළමාරෝග වෛද්‍යවරුන්ගේ සංගමය, වසර 2ට අඩු දරුවන් අතට ස්මාර්ට්ෆෝන් දීම තහනම් කරන්න කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙන්නේ අනාගත පරපුර වේ ව්‍යසනයෙන් බේරා ගන්න.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments