අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BIOLOGY : ආක්ටික් අයිස් තට්ටු දියවීමෙන් සැඟවී තිබූ වසංගත එලියට?


ජෝන් මයිකල් ක්ලැවෙරී, ප්‍රංශයේ මාර්සෙලී විශ්වවිද්‍යාලයේ  පරිණාමය හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙක්.  මහාචාර්ය ජෝන් මයිකල් පවසන අන්දමට සාමාන්‍යයෙන් ලෙඩ රෝග පතුරුවන බැක්ටිරියා හා වෛරසවට සිය ධාරකයාගේ සිරුරෙන් පිට වැඩි කලක් ජීවත්වන්නට බෑ. එහෙත් අධිකශීතල හිමතට්ටු යට ඇති පසෙහි තිබෙන බැක්ටීරියා හා වෛරස වසර දහස් ගණනක් වුව නොනැසී නිද්‍රාශීලීව තිබෙන්න පුලුවන්. නිව්මෝනියාව, වසූරිය වැනි ඈත අතීතයේදී පැතිරී දැන් අයිස් තට්ටු යට නිද්‍රාශීලීව සිටින වසංගත රෝග පතුරන විශාල වෛරස (giant viruses) මේ අයිස් තට්ටු දියවීයාම හා එම දියවීයාම නිසා එම ප්‍රදේශවල පතල්කැණීම් ආදී කර්මාණ්ත ඇරඹීම නිසා මිනිසාට බෝවෙන්නට පුලුවන්.

දැනට බෙහෙත් හෝ ස්වභාවික ප්‍රතිශක්තිය නොමැති මෙම බැක්ටීරියා හා වෛරස ආක්ටික් ප්‍රදේශවල කර්මාණ්ත ඇරභීමට එන සේවකයින්ට බෝවීමෙන් ලොව පුරා තැතිරෙන, භයානක වසංගත ඇතිවිය හැකි බවට ජෝන් මයිකල් අණතුරු අඟවනවා.

2015දී ජෝන් මයිකල් කැවෙරි ඇතුලු පර්යේෂණ කණ්ඩායම රුසියානු ආක්ටික් ප්‍රදේශයේදී විශාල වෛරසයක් සොයා ගත්තා. වසර 30,000ක් නිද්‍රාශීලීව තිබූ එම වෛරසයට නැවත පණදෙන්නට පර්යේෂණ කණ්ඩායමට හැකිවුනා. ඒ අනුව නිද්‍රාශීලීව හිම තට්ටු යට ඇති වෛරස වසර වලට දහස්ගණනකට පසු නැවත අවදිවන්නට හැකි බව ඔවුන් පෙන්වා දුන්නා. Mollivirus sibericum ලෙස නම්කොට ඇති එම යෝධ වෛරසය, 2003 වසරේ සිට ආක්ටික් ප්‍රදේශයෙන් සොයා ගැනුනු සතරවන යෝධ වෛරසයයි.

මෙම වෛරස සොයාගත් ප්‍රදේශයේ ඛණිජ ද්‍රව්‍ය හා ෆොසිල ඉන්ධන බහුලව ඇති අතර ගෝලීය උණුසුම්කරණය සමග හිමි මිදී ශිතල අඩුවෙමින් යන නිසා මේ ප්‍රදේශවල දැවැන්ත පතල් කර්මාණ්ත ඇරඹීමට රුසියාව සූදානම් වනවා. මෙම කර්මාණ්තවල සේවයට එන දහස් ගණන් සේවකයින් අලුත් වෛරස වලින් ආසාදනයවීමට ඇති හැකියාව ඉතා වැඩිබවයි පර්යේෂකයින් පවසන්නේ.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments