අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BIOLOGY : ගැහැණු පිරිමි අතර ජාන 6500ක වෙනස



ඊශ්‍රායලයේ වයිස්මාන් පර්යේෂණායතනයේ මහාචාර්ය ශැමුවෙල් පීට්‍රකොෆ්ස්කි හා වෛද්‍ය මෝරාන් ගෂෝනි යම් යම් රෝගවල ප්‍රවනතාවයන් ලිංගබේධය අනුව වෙනස්වන්නේ කෙසේදැයි සොය බැලීම සඳහා පර්යේෂණ සිදුකරනවා.

මිනිස් ජාන 20000ක් අලලා පර්යේෂණයක් සිදුකල මෙම විද්‍යාඥයින්, මෙම ජාන කාන්තාවන්ගේ හා පුරුෂයින්ගේ සිරුරුවල ඇති කරන වෙනස්කම් සොය බැලුවා. මේ අනුව කාන්තා හා පුරුෂ සිරුරුවල විශේෂිත වෙනස්කම් සිදුකරන ජාන 6500ක් පමණ හඳුනාගන්නට හැකිවී තිබෙනවා.


උදාහරණයක් ලෙස මස්පිඩු නිර්මාණය කරන ජාන පිරිමින්ගේ වැඩියෙන් ක්‍රියාකාරී වන අතර ගැහැණුන්ගේ පෙන්වන්නේ අඩු ක්‍රියාකාරිත්වයක්. එහෙත් සිරුරේ මේධ ස්ථර ඇතිකරන ජාන ගැහැණුන්ගේ වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්වන අතර පිරිමින් අතර එම ක්‍රියාකාරිත්වය අඩුයි.

එමෙන්ම මොළයේ ඇති එක්තරා ජානයක් වැඩියෙන් කාන්තාවන් තුල වැඩියෙන් ක්‍රියාකාරීවන අතර එමගින් කාන්තාවන් පාකින්සන්ස් රෝගයෙන් ආරක්ෂා කරනවා. පිරිමින් අතර එම රෝගය වැඩිවීමට මෙම ජානයේ ක්‍රියාකාරිත්වය අඩුවිම බලපාන බවට විද්‍යාඥයින් දැන් විශ්වාස කරනවා.

මේ අනුව කාන්තාවන් අතර හා පුරුෂයින් අතර සමහර රෝගාබාධ වැඩියෙන් දකින්නට ලැබෙන්නේ කාන්තාවන් හා පුරුෂයින්ගේ ජානවල ඇති ක්‍රියාකාරිත්වයේ යම් යම් වෙනස්කම් නිසා බව නිගමනය වී තිබෙනවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments