අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

තම ගුරුවරිය කෘත්‍රිම බුද්ධි රෝබෝවරියක් බව නොදැන ඇගෙන් මාස 5ක් ඉගෙන ගත් විශ්වවිද්‍යාල සිසුන්!!!!

ජෝර්ජියා ටෙක් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහායිකාවක් (Teaching Assistant) ලෙස විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල පද්ධතිය හරහා සිසුන්ට ඉගැන්වූ ජිල් වොට්සන් සැබැවින්ම අයි.බී.එම් සමාගම නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි රොබෝවරියකි.
ජෝර්ජියා ටෙක් යනු අමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර පිහිටුවා ඇති ජනප්‍රිය තාක්ශණික හා ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයකි. මීට මාස පහකට පමණ පෙර ජෝර්ජියා ටෙක් විශ්වවිද්‍යාලය සිය පරිගණක තාක්ශණය හා කෘත්‍රිම බුද්ධි පාඨමාලා හදාරන සිසු සිසුවියන් පිරිසකට අලුත්ම ඉගැන්වීම් සහායිකාවක් හඳුන්වා දුන්නේය.

ඇය නමින් ජිල් වොට්සන් විය. ඉගැන්වීම් සහයකයින් හෙවත් teaching assistant යනු අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුනට ප්‍රධාන දේශනවලට අමතර අතිරේක දැනුම ලබාදෙන ඔවුන්ගේ ගැටලුවලට පිලිතුරු හා පැවරුම් හා පර්යේශණවල ගැටලු නිරාකරණයට උපකාරිවන සහයක ගුරුවරුන් පිරිසකි. බොහෝවිට ඉගැන්වීම් සහයකයින් ලෙස බඳවා ගැනෙන්නේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි (PhD) හදාරන හෝ පර්යේෂණ පස්චාත් උපාධි (research masters degree) හදාරන සිසු සිසුවියන්ය.

සමහර ඉගැන්වීම් සහයකයින් සිසු සිසුවියන්ට කුඩා පංති (tutorial classes) පවත්වමින් සජීවීව සම්බන්ධවන නමුත් බොහෝ ඉගැන්වීම් සහයකයින් දැන් සිසුන් හා සම්බන්ධවන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන බිහිදොර (student learning portal),  සාකච්ඡා ෆෝරම (discussion forums) හා ඊමේල් පණිවුඩ හරහාය. ජිල් වොට්සන්ද සිසුන් හා සම්බන්ධවුවේ මෙවැනි ක්‍රම හරහාය.



තමන් කිසිදාක දැක නැති ඉගැන්වීම් සහයකයින්ගෙන් ඉගෙනගැනීම මෙම සිසුන්ට අමුත්තක් නොවූ අතර ජිල් වොට්සන්ද ඉතා සාමාන්‍ය ලෙස ඔවුන්ගේ ගැටලු වලට පිලිතුරු දුන්නාය. සැමවිටම සිසුන්ගේ ඊමේල් පණිවුඩ වලට ඉතා ඉක්මණින්, නිරවුල් පිලිතුරු දුන් ඇය, සිසුන් හා සාකච්ඡා කරන ෆෝරම වලදීද සමාන්‍ය අමෙරිකානු යුවතියක මෙන් සිසුන් හා සම්බන්ධවූවාය.

පැහැදිලිව හා ඉතාමත් ඉක්මණින් දවසේ ඕනෑම වේලාවක ඇය පිලිතුරු ලබාදෙන නිසා සමහර සිසුන් ඇය පිලිබඳව සොයාබැලීමට උනන්දුවූ අතර අන්තර්ජාලය පිරික්සූ ඔවුනට ඇයගේ Facebook හා LinkedIn ගිණුම් සොයාගත හැකිවූ අතර ඒවායේද කිසිදු සැක ඇති දෙයක් ඔවුනට දකින්නට නොලැබුණි.

තමන්ට මෙතෙක් කල් ඉගැන්වූ ජිල් වොට්සන් ගුරුවරිය මිනිස් යුවතියක් නොව අයි.බී.එම් පරිගණක සමාගමේ "වොට්සන්" නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනෙන් පණගැන්වෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් බව සිසුන් දැනගත්තේ විශ්වවිද්‍යාලය ඒ පිලිබඳ සිසුන් දැනුවත් කල පසුවයි.

වොට්සන් කෘත්‍රිම බුද්ධි වැඩසටහනට පණදෙන අයි.බී.එම් සුපිරි පරිගණක පද්ධතිය



__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .

  GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. සිංහලෙන් ලැබුණ බොහොම වටිනා දැනුවත් කිරීමක්

    ReplyDelete

Post a Comment