BUSINESS STRATEGY : ජන්ක් ෆුඩ් අළෙවිකරණයට අලුත් පාලන නීති!


Junk Food නැතිනම් අධික ලෙස මේධය, ලුණු හෝ සීනි  [high fat, salt and sugar (HFSS)] අඩංගු ආහාර පිලිබඳ දැන්වීම් පලකිරීමේදී හා වෙනත් අළෙවිකරණ උපක්‍රම භාවිතා කිරීමේදී පිලිපැදිය යුතු අලුත් පාලන නීති හඳුන්වාදීමට බ්‍රිතාන්‍යයේ  The Committees of Advertising Practice (CAP)නියාමන ආයතනය තීරණය කොට තිබෙනවා.

මෙම නීති අනුව අවුරුදු 16ට අඩු ලාබාලයන් ඉලක්ක කරගැනීමේදී දැඩි සීමා පනවා තිබෙනවා. මේ අනුවYouTube, Facebook, Twitter  හා වෙනත් ලාබාලයින් පරිශීලනය කරන මාධ්‍ය වල ආහාර දැන්වීම් තහනම් වනවා.

මෙම නියාමන තවදුරටත් පැහැදිලි කරනවානම්;

1. අධික මේධය, සීනි හෝ ලුණු අඩංගු ආහාර (HFSS) පිලිබඳ සෘජු හෝ ව්‍යංග දැන්වීම් වයස 16ට අඩු දරුවන් පරිශීලනය කරන මාධ්‍යවල විකාශය තහනම් වනවා.

2. වෙනත් මාධ්‍යවලද වයස 16ට අඩු දරුවන් සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාවෙන් 25%ක් ඉක්මවන අවස්ථාවලදී අධික මේධය, සීනි හෝ ලුණු අඩංගු ආහාර පිලිබඳ සෘජු හෝ ව්‍යංග දැන්වීම් පල කිරීම තහනම් වනවා.

3. දරුවන් අතර ජනප්‍රිය අතර ජනප්‍රිය සිනමා/සංගීත හෝ වෙනත් ප්‍රබන්ධ චරිත සන්නාම සඳහා යොදාගැනීමේදී HFSS ආහාර ප්‍රවර්ධනය සඳහා යොදාගත නොහැකියි.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments