අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ELECTRIC CAR TECHNOLOGY : 2019න් පස්සෙ හදන ඔක්කොම අලුත් කාර් ඉලෙක්ට්‍රික්



පසුගිය සතියේ වොල්වෝ කාර් සමාගම විප්ලවීය ප්‍රකාශයක් සිදුකලා. ඒ 2019 වසරෙන් පස්සේ ඔවුන් හඳුන්වාදෙන සෑම අලුත් වාහන මාදිලියක්ම එක්කෝ ඉලෙක්ට්‍රික් නැතිනම් හයිබ්‍රිඩ් මාදිලියක් විය යුතු බවට සමාගමේ පාලණාධිකාරිය උපායමාර්ගික තීන්දුවක් ගෙන ඇති බවයි. දැනට සමාගම අලෙවිකරණ පෙට්‍රෝල් හා ඩීසල් මාදිලි සුලු සුලු නවාංග එකතුකරමින් 2025 වනතෙක් නිෂ්පාදනය කරන නමුත් අලුතින් කිසිදු පෙට්‍රෝල් හෝ ඩීසල් මාදිලියක් හඳුන්වා දෙන්නට බලාපොරොත්තුවක් නැතැයි සමාගම පවසනවා.

වොල්වෝ ප්‍රධාන විධායක හකාන් සැමුවෙල්සන් පවසන අන්දමට මෙම පියවර ෆොසිල ඉන්ධන මගින් ධාවනය වන රථවාහන වල අවසානයේ ආරම්භයයි.

මේ අතර ටෙස්ලා සමාගම සිය අලුත්ම Model 3 මාදිලිය හඳුන්වාදීමට සූදානම් වෙමින් සිටිනවා. 2018දී වාහන ලක්ෂ 5කුත් 2020 සිට වාර්ශිකව වාහන මිලියනයකුත් නිෂ්පාදනය කරන්නට ටෙස්ලා සමාගම දැනටමත් සැළසුම් හදලා ඉවරයි. බී.එම්.ඩබ්ලිව් සමාගම 2025 වනවිට සිය වාහන වලින් 25% ඉලෙක්ට්‍රික් වාහන විය යුතුබවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments