අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

INNOVATIONS : ශල්‍යකර්මවල තුවාල අලවන්න සුපර්-ග්ලූ එකක්!



ශල්‍ය වෛද්‍යවරුන් ශල්‍යකර්මවලදී මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කැපුම් තුවාල නිසිපරිදි වසා දැමීමේ සාර්ථක හා ආරක්ෂිත ක්‍රමයක් නොමැතිවීමයි. මැහුම් දැමීම කාලය ගතවන, ඉතා සූක්ෂ්මව සිදුකල යුතු ක්‍රියාවක්. සිරුර අභ්‍යන්තරයේ මැහුම් දැමීමට ගතවන කාලය අතරතුර රෝගියා සිහි මූර්ජිතව තබාගත යුතු අතර මැහුම් දමන කාලය අතරතුරද රුධිරය වහනය වෙමින් එක් රැස් වනවා. මෙම එක් රස් වන රුධිරය නිසිපරිදි ඉවත්කිරීමද සිදුකල යුතුයි.

අභ්‍යන්තර හා බාහිර තුවාල ඉක්මණින් වසා දැමීමට හොඳම ක්‍රමය සුපර් ග්ලූ හෙවත් ක්ෂණිකව ඇලවෙන ගම් වුවත්, අද භාවිතාවන සුපර්-ග්ලූ සයනයිඩ් සංයෝගයක් අඩංගු විෂ ද්‍රව්‍යයක් නිසා භාවිතා කිරීමට නොහැකියි. මේ සඳහා විසඳුමක් ලෙස ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් ස්වභාවික සුපර් ග්ලූ විශේෂයක් නිපදවා තිබෙනවා.

මෙම ජෛව-සුපිරි ග්ලූ වර්ගය නිපදවා ඇත්තේ යුරෝපයේ වෙසෙන නම් හම්බෙල්ලන් විශේෂයක් (slug) ශ්‍රාවය කරන සෙවල වලින්. මෙම සෙවල ආධාරයෙන් හම්බෙල්ලන් තමන් සිටින පෘෂ්ඨය හා තදින් බැඳී සිටින අතර විලෝපිකයින්ට ඔවුන් ආහාරයට ගැනීමට අපහසු වෙනවා. මෙම සෙවල ජලයේ දිය නොවන අතර ඕනෑම පෘෂ්ඨයක ඇලවීම සිදුවනා. එමෙන්ම ජීවී ද්‍රව්‍යයන් නිසා වස-විසෙන් තොරයි.

මේ ස්වභාවික ගම් වර්ගය ආධාරයෙන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් සංයෝග කරන ලද ජෛව-සුපිරි ග්ලූවර්ගය තෙත සහිත ඔනෑම මතුපිටක ඇලවෙනවා. එනිසා ශල්‍යකර්මවලදී කැපුම් තුවාල එකතුකිරීමට, සම මතුපිට ගැඹුරු කැපුම් හා කිරීමටද යොදාගත හැකි බවයි ඔවුන් පවසන්නේ.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments