MARITIME DEFENCE : ආසියාවේ ලොකුම යුධනැව Renhai Guided Missile Destroyer


චීනය ලෝකයේ බලසම්පන්නම නාවික බලවතෙක්. ඩිස්ට්‍රෝයර් ගණයේ යුධ නෞකා 28ක්, ෆ්‍රිගේට් ගණයේ යුධ නෞකා 49ක් ඇතුලු නෞකා 490ක්ද, නාවික හමුදාවට අයත් ගුවන් යානා 700කට අධික ප්‍රමාණයක්ද, සබ්මැරීන 68කින්ද සන්නද්ධ චීන නාවික හමුදාවේ පිරිස් බලය 250,000කට අධිකයි.

මේ ආසියානු නාවික බලවතා නොබෝදා අලුත්ම  මාදිලියක අතිනවීන ඩිස්ට්‍රෝයර් ගණයේ නෞකාවක් දියත්කලා. දෙවන ලෝක යුධ සමයේ ජපාන නාවික හමුදාවේ දැවැන්ත නෞකාවලට පසුව ආසියානු බලවතෙක් නිෂ්පාදනය කල අතිවිශාලම යුධ නැව වන Type 055 ලෙස හැඳින්වෙන ඩිස්ට්‍රෝයර් ගණයේ නෞකාව වල පලමුවැන්න නොබෝදා දියත් කෙරුනා. මෙම ඩිස්ට්‍රෝයර් ගණයට නේටෝව ලබාදී ඇති නම රෙන්හායි යන්නයි.


ගයිඩඩ් මිසයිල් ඩිස්ට්‍රෝයර් හෙවත් මිසයිල ප්‍රහාරක නෞකාවක් වන මෙය ටොන් 10,000ක් බරින් යුක්තයි. මීටර් 180ක් දිගින් යුතු මෙයට පැයට කිලෝමීටර් 57ක උපරිම වේගයකින් යාත්‍රා කල හැකියි. සම්පූර්ණයෙන්ම චීනයේ නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද ටයිප් 055 ගයිඩඩ් මිසයිල් ඩිස්ට්‍රෝයර් නෞකාව චීන යුධ තාක්ෂණයේ දැවැන්ත ඉදිරි පිම්මක් බව විචාරකයින් පවසනවා. 

ගයිඩඩ් මිසයිල් ඩිස්ට්‍රෝයර් නෞකාවක ප්‍රධාන කාර්යය වන්නේ මිසයිල ප්‍රහාර එල්ල කිරීමත්, සතුරු මිසයිල ප්‍රහාරවලින් නෞකා බලඇණියේ අනෙකුත් නෞකා ආරක්ෂා කිරීමත්ය. එමෙන්ම මෙම නෞකාව චීනය විසින් ඩිස්ට්‍රෝයර් ගණයේ නෞකාවක් ලෙස හැඳින්වුවද, එහි විශාලත්වය හා ප්‍රහාරක හැකියාව සලකන විට බැටල් කෲසර් නෞකාවකට බොහෝ සෙයින් සමානවනවා.

විවිධ වර්ගයේ මිසයිල විදින 128ක් ඇතුලත්ව නිර්මාණය කොට ඇති මෙහි අති නවීන ඉලෙක්ට්‍රොණික යුධ උපක්‍රම හා පාලන පද්ධති තිබෙනවා. 


මෙවැනිම තවත් ටයිප් 055 නෞකා තුනක් නිපදවෙමින් පවතින බවයි චීන ආරංචිමාර්ග පවසන්නේ.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments