අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ELECTRIC CAR TECHNOLOGY : ටෙල්සා මොඩ්ල් 3 ගැණුම්කරුවන්ට නිකුත්කිරීම ඇරඹේ

ඊයේ සවස (28වැනි සිකුරාදා) කැලිෆෝනියාවේ ෆ්‍රෙමොන්ට් නුවර, ටෙස්ලා කර්මාණ්තශාලාවේ පැවැති උත්සවයකදී ටෙස්ලා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක ඊලෝන් මස්ක්, මුල්ම ගැණුම්කරුවන් 30 දෙනාට ටෙස්ලා මොඩල් 3 මාදිලියේ වාහන වල යතුරු ලබා දුන්නා. ටෙස්ලා සමාගම මීට පෙර වෙළඳපොලට ඉදිරිපත්කල මොඩල් S හා මොඩල් X මාදිලිවලට වඩා බෙහෙවින් මිලෙන් අඩු මොඩල් 3 මාදිලියේ මිල ඇමරිකානු ඩොලර් 35,000 සිට 44,000 දක්වා වනවා.

ඩොලර් 35,000කට මිළදීගත හැකි මාදිලිය එක් ආරෝපණයකින් කිලෝමීටර් 350ක් ධාවනය කල හැකි අතර වඩා විශාල බැටරියක් ඇති ඩොලර් 44,000කට මිළකොට ඇති මාදිලිය එක් ආරෝපණයකදී කිලෝමීටර් 500ක් ධාවනය කල හැකි වනවා.



මේ වනවිට ඩොලර් 1000ක අත්තිකාරම් මුදලක් ගෙවා මොඩල් 3 මාදිලිය මිලදී ගැනීමේ ඇනවුම් කල පාරිභෝගිකයින් ගණන 500,000කට අධික බව ඊලෝන් මස්ක් මෙම උත්සවයේදී පවසා සිටියා. ඇණවුම්කල පිලිවෙලට ලබාදෙන මොඩල් 3 මාදිලිය මෑතකදී ඇණවුම් කල අයට ඒවා ලැබෙන විට 2018 දෙසැම්බර් පමණ වනු ඇති බවද පැවසුනා.

මොඩල් 3 මාදිලියේ ප්‍රධාන නිර්මාණකරුවන් කණ්ඩායමේ ටෙස්ලා ප්‍රධාන තාක්ෂණ නිළධාරී (Chief Technology Officer) ජෙෆ්‍රී ස්ට්‍රව්බෙල් හා ප්‍රධාන නිර්මාණ ශිල්පී (Chief Designer) ෆ්‍රෑන්ස් ෆොන් හොල්ස්හෝසන්ද වනවා. ටෙස්ලා සමාගමේ අනෙක් සියලුම මාදිලි සඳහාද නිර්මාණ හා තාක්ෂණික දායකත්වය මොවුන් ලබාදී තිබෙන අතර අද වනවිට සේවක සේවිකාවන් 33,000ක් හා ඩොලර් බිලියන 22ක වත්කම් ඇති ටෙස්ලා සමාගම ආරභයේදී සිටිම මොවුන් සමාගමේ සේවය කොට තිබෙනවා.

මොඩල් 3 කාරයේ ඇතුලත
නවීන නිර්මාණ සංකල්පයකට අනුව නිමැවී ඇති මොඩල් 3 මාදිලියේ ඇතුලත ඩෑෂ් බෝඩ් එකක් හෝ වෙනත් බොත්තම් හා ඩයල යනාදී කිසිවක් නැති අතර රියදුරාට දකුණු පසින් ඇති (වමෙන් පදවන මාදිලිවල ) අඟල් 15 ටච් ස්ක්‍රීන් පරිඝණක තිරයෙන් වාහනයේ සියලුම කටයුතු පාලනය වන අතර සියලුම තොරතුරු රියැදුරාට ලබාදේ. මීට අමතරව රියදුරාට කාරයේ පරිගණකය අමතා වාචික විධාන (voice commands) දිය හැකි අතර සුක්කානමේ ඇති නලා බොත්තම් දෙක ආධාරයෙන්ද පරිගණකයට විධාන දිය හැකිය.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments