අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TECHNOLOGY : ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා - ඇමරිකාවේ ඉන්ටෙල්? නෑ කොරියාවේ සැම්සුන්ග්!

සැම්සුන්ග් නිෂ්පාදනය කරන අලුත්ම ඇපල් අයිෆෝන් බලගන්වන ඇපල් A9 ප්‍රොසෙසරය
සැම්සුන්ග් සමාගම් සමූහය මේවන විට ඩොලර් බිලියන ඩොලර් බිලියන 12.6ක ලාභයකුත්, 54ක ආදායමකුත් වාර්තා කොට තිබෙනවා. මේ ඩොලර් බිලියන 54රේ ආදායමෙන් ඩොලර් බිලියන 15ක්ම දායකවී තිබෙන්නේ සැම්සුන්ග් සමාගමේ සැම්සුන්ග් සෙමිකන්ඩක්ටර්ස් නම් මයික්‍රෝප්‍රොසෙසර් හා මෙමරි චිප් නිෂ්පාදන ආයතනයයි. ලෝකයේ විශාලම මයික්‍රෝචිප් සමාගම ලෙස විරුදාවලි ලබා සිටින ඉන්ටෙල් සමාගම මේ කාලය තුල  වාර්තාකොට ඇති ආදායම ඩොලර් බිලියන 14.8ක්. ඒ අනුව සැම්සුන්ග් සමාගම, පසුගිය වසර 24 පුරාම ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා ලෙස කිරුළ හෙබවූ ඉන්ටෙල් සමාගම පසුකොට ලෝකයේ ලොකුම සිලිකන් මයික්‍රෝචිප් නිෂ්පාදන සමාගම බවට පත්වී තිබෙනවා.

සුප්‍රකට ඇපල් අයිෆෝන් සඳහා A9 ප්‍රධාන ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා වෙනත් උපාංගද සැම්සුන්ග් සමාගම නිෂ්පාදනය කරනවා. කෙසේ වෙතත් ඇපල් A9 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන එකම සමාගම සැම්සුන්ග් නොවේ. සැම්සුන්ග් සමාගමට අමතරව තායිවානයේ TSMC සමාගම ඇපල් A9 ප්‍රොසසර් නිෂ්පාදකයෙකු වනවා.

මේ වසරේ දොරට වඩින 10වැනි සංවස්තර අයිෆෝනයේ තිරය OLED තාක්ෂණයේ තිරයක් වන අතර එය සැපයිමේ කොන්ත්‍රාත්තුව ලබා ඇත්තේත් ඇපල් සමාගමයි. ඒ අනුව 2017 අලුත්ම අයිෆෝනයේ ප්‍රධාන ප්‍රොසෙසරය, මෙමරි පරිපථ හා OLED තිරය යන ප්‍රධාන කොටස් තුනම සැම්සුන්ග් සමාගමේ නිෂ්පාදන වනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments