අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ASTRONOMY : අඟහරුගේ සුවිසල් සාගරය නැතිවූ හැටි




වසර බිලියන 4කට පෙර ඝණ වායුගෝලයක් හා ද්‍රව ජලය පිරී ඉතිරුනු නිල්වන් මහා සාගරයකින් වැසීගිය, සශ්‍රීක ග්‍රහලොවක්වූ අඟහරු, ඉතා තුනී වායුගෝලයක් සහිත, වියලි මරුකතරක් බවට පත්වූයේ කෙසේදැයි දශක ගණනාවක් තිස්සේම විද්‍යාඥයින්ට වදදුන් ගැටලුවක් වුනා.

මේ ගැටලුවට පිලියමක් හොයාගන්නට නාසා ආයතනය දියත්කල Mars Atmosphere and Volatile EvolutioN (MAVEN) අභ්‍යවකාශ යානය සමත්වෙලා තියෙනවා.

මේ යානයේ විශ්ලේෂණ වලට අනුව, අඟහරුවාගේ වායුගෝලයෙන් 66%ක් පමණ, සූර්ය සුළඟ (Solar Wind) වල බලපෑම නිසා පසුගිය වසර බිලියන 4 තුලදී කෙමෙන් කෙමෙන් අභ්‍යවකාශයට ගසාගෙන ගොස් තිබෙනවා. සූර්ය සුළඟ කියන්නේ හිරුගෙන් නිකුත්වූ සෞරග්‍රහමණ්ඩලය පුරාම විහිදීයන අයන විහිදුමක්. නිරන්තරයෙන්ම විහිදී යන මෙම අයනවල ගැටෙන වායුගෝලයේ වායු අණු අභ්‍යවකාශයට තල්ලුවී යනවා. 

පෘථිවියේද මෙය සිදුවන නමුත් පෘථිවියේ ගුරුත්ව බලය වඩා වැඩි නිසා එලෙස ගසාගෙන යන ප්‍රමාණය අඩුයි. එමෙන්ම පෘථිවිය අඟහරුවාට වඩා ඝූවිද්‍යාත්මකව සක්‍රිය නිසා (එනම් ගිණිකඳු ආදිය නිරන්තරයෙන්ම පිපිරීමා නිසා පෘථිවි අභ්‍යන්තරයේ සිට අලුත් වායු අංශු වායුගෝලයට එකතුවී අඩුව පිරිමසිනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments