ARTIFICIAL INTELLIGENCE : Google AI Fight Club සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් පුහුණුවට


Deep Learning හා Machine Learning තාක්ෂණය ආධරයෙන් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දියුණුවත්ම, ඒවා ආධාරයෙන් මැඩලිය නොහැකි සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමද වැඩිවී තිබෙනවා.

ගූගල් බ්‍රේන් නම් කෘත්‍රිම බුද්ධි ව්‍යාපෘතිය මගින් මේ අවදානමට මුහුණදීමට වෙනත් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර පුහුණු කිරීම සඳහා සටන් පුහුණු මාලාවක් අරබන්නට අදහස් කරනවා. පරිගණක යන්ත්‍ර තුල කෘත්‍රිම බුද්ධි වැඩසටහන් එකිනෙකා සමග ද්වන්ධ සටන් හා කණ්ඩායම් සටන් වලට යෙදවීමෙන්, එකිනෙකාගේ ශක්තීන් හා දුර්වලතා අගැයිමටත්, ඒවාමගින් සිය ආරක්ෂණ විධිවිධාන ශක්තිමත් කරගැනීමටත් මෙයින් හැකි බව ගූගල් බ්‍රේන් කණ්ඩායම පවසනවා.

Google AI Fight Club ලෙස හඳුන්වන මේ ව්‍යාපෘතිය මගින් විවිධ සටන් ක්‍රම ආධාරයෙන් ප්‍රහාර මැඩපවත්වා සිය පරිගණක ජාල ආරක්ෂාකර ගැනීමට කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර පුහුණු කරනු ඇති.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments