TV SERIES : The Defenders - මාවල් /නෙට්ෆ්ලික්ස් සුසංයෝගයෙන් අලුත්ම සුපර්හීරෝ ටීවී සීරීස් එක


සැන් ඩියේගෝ නුවර සෑම වසරකම පැවැත්වෙන කොමිකොන් උළෙල චිත්‍රකතා (කොමික්ස්) හා ඒහා බැඳුනු රූපවාහිණී කතාමාලා ලොවට ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛතම උළෙලයි. මෙවර කොමිකොන් උළලේදී ප්‍රේක්ෂකයන් පුලපුලා සිටින අලුත්ම ටීවී සීරීස් ගණනාවක් පිලිබඳ විස්තර, ට්‍රේලර් හා පයිලට් එපිසෝඩ් (පලමු සීසන් එකේ පලමු කතාංගය ) බොහොමයක් ඉදිරිපත් කෙරුනා.

ඊයේ අපි, ස්ටාර්ගේට් කතාමාලාවේ අලුත්ම පුනරුප්පතිය වන StarGate Origins කතාමාලාව පිලිබඳව 2017 කොමිකොන් උළලේදී හෙලිවුනු විස්තර ගෙනවා.

අද අප 2017 කොමිකොන් උළලේදී මාවල් සමාගම ඉදිරිපත් කල අලුත්ම ටීවී සීරීස් එකක් ගැන විස්තර ගෙන එනවා. 

මේ අවුරුද්දේ අගෝස්තු 18 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් රූපවාහිණී චැනලය මගින් විකාශය කෙරෙන මාවල් ඩිෆෙන්ඩර්ස් නම් ටිවී සීරීස් එකේ අලුත් ට්‍රේලර් එක කොමිකොන් හිදී ප්‍රේක්ෂක හමුවට ආවා.

Marvel's The Defenders කතාමාලාව අලුත්වුනත් එහි චරිත නම් අලුත් චරිත නොවෙයි. 2016 වසරේ එලිදැක්වුනු මාවල් අයන් ෆිස්ට් (Marvel's Iron Fist) ටීවී සීරීස් එකේ "අයන් ෆිස්ට්", 2015 සිට විකාශණය වන මාවල් ඩෙයාඩෙවිල් (Marvel's Daredevil) ටිවී සීරීස් එකේ "ඩෙයාඩෙවිල්" හා 2015 සිට විකාශණය වන මාවල් ජෙසිකා ජෝන්ස් (Marvel's Jessica Jones) ටීවී සීරීස් එකේ "ජෙසිකා ජෝන්ස්" හා 2016 සිට තිරගත වන ලූක් කේජ් (Marvel's Luke Cage) ටිවී සීරීස් එකේ  "ලූක් කේජ්" එකට එක්ව රඟන කතාමාලාවක් ලෙසයි "ද ඩිෆෙන්ඩර්ස්" ඉදිරිපත් කෙරෙන්නේ.

ද ඒලියන් චිත්‍රපට මාළාවේ එලන් රිප්ලි ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කල සිගෝනි වීවර්ද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.

කොමිකොන් උළලේදී තෝරාගත් විචාරකයින් පිරිසකට ද ඩිෆෙන්ඩර්ස් සීරීස් එකේ ටීසර් එපිසෝඩයක් තිරගත කොට තිබෙන බවද වාර්තාවන අතර එය නැරඹූ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳ බවයි සැන් ඩියේගෝ නුවරින් ආරංචි වෙන්නේ.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments