FUTURE : බිල් ගේට්ස් : සැබෑවුනු අණාවැකි


1999දී මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ බිල් ගේට්ස් "Business @ the Speed of Thought" නමින් පොතක් පලකලා. විශාල ලෙස අලෙවි වූ මෙම ග්‍රන්ථයේ නුදුරු අනාගතයේදී තාක්ෂණය හා ව්‍යාපාර ඥාණය මුහුවී සිදුවිය හැකි විශාල වෙනස්කම් ගැනත් උපක්‍රමශීලී ලෙස තාක්ෂණික ජයග්‍රහණ උපයෝගීකර ගැනීමෙන් ව්‍යාපාර වලට සිය තරඟකරුව අභිබවා යා හැකි ආකාරය ගැනත් විස්තර කෙරුනා. අනාගත ඩිජිටල් ආර්ථිකය ගැන අනාවැකි ගණනාවක්ම ගේට්ස් විස්තරකොට තිබූ අතර 1999දී ගේට්ස් මෙම අණාවැකි පලකරන විට ඒවා නුදුරු අනාගතයේ සිදුවිය හැකිදැයි සිතෙන අන්දමේ ඒවා වූවත්, 2017 වනවිට මේ අණාවැකි සමහරක් දැනටමත් සැබෑවී තිබෙනවා.

Gates' prediction: "Automated price comparison services will be developed, allowing people to see prices across multiple websites, making it effortless to find the cheapest product for all industries. විවිධ සැපයුම්කරුවන්ගේ මිළගණන් ස්වයංක්‍රීයව සසඳා අඩුම මිල සැපයුම්කරුවන් පාරිභෝගිකයින්ට පෙන්වන මෘදුකාංග හා වෙබ් අඩවි බිහිවෙනු ඇත.

අදවන විට ඇමසන් (1994) ඊබේ (1995) ට්‍රැවෙලෝසිටි (1996)  ට්‍රිප් ඇඩ්වයිසර් (2000) ඊ-ව්‍යාපාර සැපයුම්කරුවන් ගණනාවකගේ මිළගණන් ඉදිරිපත්කරන අතර මිළ අනුව ඒවා ශ්‍රේණිගතකොට බැලීම ආදිය ඉතා පහසුවෙන් කරගත හැකිය.


Gates' prediction:  "You'll carry one or more small machines using a radio connection to stay constantly in touch and do electronic business wherever you are. ගුවන්විදුලි සම්බන්ධතා ඇති කුඩා යන්ත්‍ර ඔබ විසින් ගෙනයනු ඇති අතර ඒවා මගින් සෑම විටම ඔබගේ හිතවතුන් හා ගණුදෙනු කරුවන් සමග සම්බන්ධවීමටත් ඉලෙක්ට්‍රොණිකව ගණුදෙනු කිරීමටත් ඔබට හැකිවනු ඇත."

1999දී බිල්ගේට්ස් මේ කතාකරන්නේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හා ස්මාර්ට් ඔරොලෝසු වැනි උපාංග පිලිබඳව විය යුතුය.

1999දීම නොකියා සමාගම WAP තාක්ෂණය මගින් අන්තර්ජාලයේ සැරිසැරිය හැකි Nokia 7110 ෆෝනය හඳුන්වාදුන්නද, එහි WAP තාක්ෂණ පහසුකම එතරම් ජනප්‍රිය නොවීය.

ජංගම අන්තර්ජාල සබඳතා ප්‍රායෝගිකව  භාවිතාකල හැකි මොබයිෆෝන පලමුව ඉදිරිපත් කරන්නේ බ්ලැක්බෙරී සමාගමයි.  බ්ලැක්බෙරී සමාගම ඊ-මේල් සහිත පලමු ජංගම දුරකථනය ඉදිරිපත් කරන්නේ 2001 වසරේදීය. 2003වනවිට බ්ලැක්බෙරි සමාගම අන්තර්ජාල පහසුකම් ඇති  GPRS බ්ලැක්බෙරී මාදිලි ඉදිරිපත් කරන ලදී.

ඔවුන්ගේ QWERTY කී-බෝඩ් එක සහිත ජංගම දුරකථන 2007දී අයිෆෝනය සම්ප්‍රාප්තවන තෙක්ම ඊමේල් හා අන්තරජාල පහසුකම් ලබාදුන් ලොව ජනප්‍රියම ෆෝන් මාදිලිය විය.

BLACKBERRY 6210 - 2003
1වැනි පරම්පරාවේ අයිෆෝනය 2007දීද 2008 සැප්තැබරයේදී HTC සමාගම පලමුවැනි ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනයද  (HTC Dream) ඉදිරිපත් කරන ලදී.

Gates' prediction: In the future, software will enable you to calculate online the effect of various payments on your bank balance. You'll make your payment exactly when it's due. And bill payment software will communicate with financial management software. අනාගතයේදී ඔබගේ සියලුම ගෙවීම් ස්වයංක්‍රීයව සිදුකල හැකිවනු ඇත.

ගේට්ස් අණාවැකියෙන් වසර 17ක ඇවෑමෙන් අද ලංකාව, ඉන්දියාව වැනි රටවලද ලක්ෂගණන් පාරිභෝගිකයින් සිය බිල්පත් ජංගම දුරකථන හෝ පරිගණක ආධාරයෙන් අන්තර්ජාලය ඔස්සේ ගෙවාදමයි. අන්තර්ජාල පහසුකම් හරහා සිය බැංකු ගිණුමේ ශේෂය බැලීම, මුදල් වෙනත් ගිණුම් වලට ප්‍රේෂණය කිරීමද සිදුකරයි.

Gates' prediction: Smaller personal companions will become common. These machines will become part of ordinary life. When you leave the office for the day, your personal digital companion will download your e-mail, get information from stock reports or other news, and find out the latest weather and news of your flight. සෑම දෙනෙකුම අත කුඩා ජංගම සහයක යන්ත්‍ර තිබෙනු ඇත. ඔබගේ ඊමේල් පණිවුඩ බාගතකර ගැනීම, ඔබගේ ප්‍රදේශයේ කාළගුණය, ඔබ ගමනක් යන්නේ නම් ඔබ වෙන්කල ගුවන්ගමනේ යම් වෙනසක්/ප්‍රමාදයක් සිදුවේද, වෙනත් වැදගත් ප්‍රවෘත්ති, ඔබගේ කොටස්වෙළඳපොලේ ආයෝජන තත්වය ආදී තොරදුරුද ලබාදෙනු ඇත.

අදවන විට මේ අණාවැකිය, ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක හා ඇමසන් ඇලෙක්සා, ගූගල් ස්පීකර් හා ඇපල් හෝම්-පොඩ් වැනි නිවෙස් සහයක කෘත්‍රිම බුද්ධි උපාංග නිසා සැබෑවී ඇත.



__________________________________________________________________________
__________________________________________________________________________

Comments