PHYSICS : පෘථිවියේ මතුපිට හා හරිමැද අතර වයස වෙනස්??


කාළය හා ගුරුත්වබලය අතර ඇති  Time Dilation (කාළ ප්‍රසාරණය) සම්බන්ධය පැහැදිලිකලේ ඇල්බට් අයින්ස්ටයින් මහා ප්‍රාඥයා. ඔහුට අනුව ගුරුත්වබලය ප්‍රභල වත්ම, ඊට අනුරූපව කාලයේ ගමන මන්දගාමී වනවා. ඒ අනුව අධික ගුරුත්වයක් ඇති කළු කුහරයක් තුල තත්පරයක් ගතවීමට යන කාලය, පෘථිවි කාලයේ වසර ගණනාවක් විය හැකියි. 

මෙවැනි සංසිද්ධියක් 2014දී තිරගතවූ චිත්‍රපටයේ දක්වනවා. විනාශවෙමින් යන පෘථිවියෙන් ගැලවීයාම සඳහා වෙනත් ග්‍රහලෝකය සොයායන ගවේෂක කණ්ඩායමක් ගාගුන්ටා නම් අතිවිශාල කළු කුහරයක් ආසන්නයේ තිබෙන ග්‍රහලෝකයකට පිවිසෙනවා. කළු කුහරයක් වැනි දැඩි ගුරුත්වයක් ඇති වස්තුවක් ආසන්නයේ ඇති නිසා එම ග්‍රහලොවේ සංසිද්ධිය දැඩිලෙස දිස්වනවා. එහි එක් පැයක් පෘථිවියේ අවුරුදු 7ක් වැනි දීර්ඝ කාලයක් බව ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටය අපට විස්තර කරනවා.

1960දී සිදුකල දේශණයකදී සුප්‍රකට භෞතික විද්‍යාඥ රිචර්ඩ් ෆෙයිමාන් (1918-1988) ටයිම් ඩයිලේෂන් සංසිද්ධිය පෘථිවියෙහිද දැකිය හැකි බවත් පෘථිවිය මතුපිටට වඩා පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රය පවතින මධ්‍යයේ කාළය  සෙමින් ගමන් කරන බවත් ප්‍රකාශකලා. 

එහෙත් එකල තිබූ තාක්ෂණය අනුව එම සංසිද්ධිය අනුව පෘථිවි මතුපිටත්, මධ්‍යයේත් කාළ වෙනස පර්යේෂණාත්මකව සොයාගත නොහැකිවුනා. ඒත් දැන් ඒ කාළ වෙනස ගණනය කිරීමටත් ඒ අනුව එකම අවස්ථාවකදී බිහිවූ පෘථිවියේ මතුපිට හා මධ්‍යයේ වයසේ වෙනස ගණනය කිරීමටත් හැකිවී තිබෙනවා.

පෘථිවියේ මතුපිට හා මධ්‍යයේ කාළය අතර වෙනස තත්පරයෙන් 0.0000000003ක් බව ගණන් බලා තිබෙනවා. ඒ අනුව වසර බිලියන 4.5ක් වයස් ගත පෘථිවියේ මතුපිටට වඩා හෙමින් වයසට යන පෘථිවියේ මධ්‍යය, මතුපිටට වඩා අවුරුදු 2.5ක් බාලයි!!! 




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments