BUSINESS STRATEGY : ඉන්දියානුවන් කෝටි 50කට නිකන්වගේ දෙන්න යන අනිල් අම්බානිගේ 4G ෆීචර් ෆෝන් එක.


මුකේෂ් අම්බානි ප්‍රධාන කොටස් හිමියා හා සභාපති වන රිලයන්ස් සමාගම ඉන්දියාවේ විශාලම සමාගම් සමූහවලින් එකක්. බොහෝ ප්‍රකෝටිපති ඉන්දියානු සමාගම් මෙන්ම රිලයන්ස් සමාගමත් අම්බානි පවුලේ ව්‍යාපාරයක්. දුගියෙකුව සිට දැවැන්ත රිලයන්ස් සමූහ ව්‍යාපාරය ගොඩනැගූ ශූර ව්‍යාපාරික ධිරුබායි අම්බානිගේ පුතුන් දෙදෙනා වන මුකේෂ් හා අනිල් අතර බෙදීගිය සමාගම් අතරින් දැන් කරලියට පැමිණ තිබෙන්නේ මුකේෂ් සභාපති හා කළමණාකරණ අධ්‍යක්ෂක දූරය හොබවන රිලයන්ස් ඉන්ඩුස්ට්‍රීස් සමාගමයි. 2016/2017 මූල්‍ය වසර සඳහා ඩොලර් බිලියන 51ක ආදායමක් ඉපැදවූ මුකේෂ්ගේ රිලයන්ස් සමාගම විටින්විට ඉන්දියානු ව්‍යාපාරික ක්ශේෂ්ත්‍රය වියවුල් කරන අන්දමේ ව්‍යාපාරික උපක්‍රම භාවිතා කරන සමාගමක්. 

මුකේෂ් අම්බානිගේ අලුත්ම ව්‍යාපාරික උපක්‍රමය වන්නේ ඉන්දියාවේ එකතැන පල්වෙන ජංගම දුරකථන කර්මාණ්තය දැවැන්ත විපර්යාසයකට බඳුන්කිරීමයි. නවතම ඇස්තමේතුවලට අනුව ඉන්දියාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන 780ක් සිටිනවා. මෙයින් දුරකථන කෝටි 50ක් හෙවත් මිලියන 500ක්ම ෆීචර් ෆෝන් හෙවත් 1G/2G තාක්ෂණයන් භාවිතා කරන පැරණි මාදිලියේ ජංගම දුරකථන වනවා. 

මෙවැනි ෆීචර් ෆෝන් වැඩියෙන්ම භාවිතා කරන්නේ අඩු ආදායම් ඉන්දියානුවන් වන අතර ස්මාර්ට්ෆෝන් එකක් ගැනීමට වියදම් කිරීමට තරම් මුදල් නොමැති  නැතහොත් එතරම් මුදලක් වැයකිරීමට අකමැති ඉන්දියානුවන් මිලියන 500ක් තමයි තවමත් මේ පරණ ෆීචර්ෆෝන් භාවිතා කරන්නේ.

රිලයන්ස් සමූහයේ අලුත් සාමාජිකයෙකු වන Reliance Jio Infocomm Limited සමාගම මෙහෙයවන්නේ මුකේෂ් අම්බානිගේ නිවුන් දරුවන් වන ආකාෂ් අම්බානි හා ඊෂා අම්බානි විසින්.  රියලන්ස් ජියෝ සමාගමේ අරමුණ මේ ඉන්දියානුවන් කෝටි 50ටම, නොමිලයේම වාගේ භාවිතාකල හැකි 4G තාක්ෂණයේ ෆීචර් ෆෝනයක් ලබාදීමයි. 

රිලයන්ස් ජියෝ සමාගමට නායකත්වය දෙන මුකේෂ්ගේ නිවුන් දුව හා පුතා - ඊෂා හා ආකාෂ්

රිලයන්ස් ජියෝ සමාගම ඉන්දියානුවන් වෙත ඉදිරිපත් කරන මොබයිල් සැලස්මට අනුව මෙම 4G ෆෝනය ලබාගැනීමට ඔවුන් ඉන්දියානු රුපියල් 1500ක ආපසු දෙන තැම්පතුවක් තැබිය යුතුයි. එවිට ඔවුන්ට මෙම ෆෝනය ලැබෙන අතර වසර තුනකට පසු ෆෝනය ආපසු දී මෙම 1500 ලබාගත හැකියි. 

එපමණක් නොව මේ වසර තුනටම ඔවුන්ට දුරකථන ඇමතුම් සඳහා ගෙවීමක් සිදුකරන්නට වන්නේ නෑ. සියලුම දේශීය ඇමතුම් නොමිලයේම ලැබෙනවා එපමණක් නොව රුපියල් 153ක් මසකට ගෙවා අධිවේගී 4G අන්තර්ජාල පහසුකම ලබාගන්නටත් ජියෝ පාරිභෝගිකයින්ට පුලුවන්.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments