අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

LOL : චන්දෙ පැරදුනාද? ෆලයිට් එක මිස් වුනාද? බනින්න රුසියාවට!!!


මේ දවස්වල ඇමරිකාවේ ප්‍රධාන කාලය කාදැමීමක් (pastime) වන්නේ රුසියාවට බැන බැන සිටීමයි. ඇමරිකාවේ චන්දෙ පැරදුනු අය, දිනපු අය දිනුවේ රුසියන් හැකර්ලා නිසා යයි කියමින් විමර්ෂණ පවත්වයි. රුසියානු බුද්ධි අංශ ඇමරිකාව ඇතුලේ කරන ක්‍රියාකාරම් නිසා ඇමරිකාව අවුල්වෙමින් යනවා යයි චෝදනා කරයි.

මේ සියල්ලම දෙස උපහාසයෙන් බලා සිටින රුසියානුවන් අතර එහි ජනපති ව්ලැඩිමීර් පුටින්ද වෙයි.

ඇමරිකානුවන්ට ඇතිවී තිබෙන මේ රුසියානු භීතිකා උන්මාදය සිය ප්‍රවර්ධන කටයුතු වලට යොදාගන්නට රුසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් වන RT (Russia Times) රූපවාහිණී සේවය කටයුතු කරලා තියෙන ආකාරය ට්විටර් හරහා ලොවට මුදාහරින්නට එක් ට්විටර් ග්‍රාහකයෙක් කටයුතු කරලා.

මේ ඡයාරූපයේ තියෙන්නේ RT රූපවාහිණීසේවයේ ඇමරිකානු විකාශය රුසියානු ගුවන්තොටුපලවල් වල සවිකර ඇති ප්‍රචාරක පුවරුවක්. ඇමරිකාවේ රුසියානු භීතිකාව ඔවුන් ප්‍රහසණාත්මකව අලෙවි ප්‍රවර්ධනයට යොදාගෙන තිබෙන්නේ මේ විධියට

Missed a plane?
Lost an election?

BLAME IT ON US!

"චන්දෙ පැරදුනාද? ෆලයිට් එක මිස් වුනාද? බනින්න අපිට!!!" 



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments