BUSINESS STRATEGY : ගැළක්සි නෝට් 7 ආයෙත් (දැන් පුපුරන්නේ නෑලු)


ගිණිගන්න, පුපුරන්න නමක් දිනාගත් සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 ෆැබ්ලට් එක ආයෙත් හඳුන්වාදෙන්න සැම්සුන්ග් සමාගම තීරණය කරලා. මේ රීබූට් මාදිලිය Galaxy Note 7 Fan Edition කියලයි හඳුන්වන්නේ.

මේ අලුත් ෆෑන් එඩිෂන් නෝට් 7 ෆැබ්ලට් එකේ බැටරිය වෙනස්ම එකක් කියලයි සැම්සුන්ග් කියන්නේ. ඒ අනුව ගිණිගන්න, පුපුරන්න කිසිම ඉඩක් නෑ කියලයි කියන්නේ. දැනට ෆෑන් එඩිෂන් එක දකු ණු කොරියාවේ විතරක් විකුණන්න සැම්සුන්ග් තීරණය කරලා. 

බැටරි ගිණිගැනීම හා පිපිරීම නිසා සැම්සුන්ග් සමාගමට නෝට් 7 ෆැබ්ලට් මිලියන 3ක් ආපහු ගෙන්න ගන්න වුනා. මේකෙන් සිදුවුනු පාඩුව අති විශාලයි කියලයි විචාරකයින් පවසන්නේ. ආපසු කැඳවූ නෝට් 7 ෆැබ්ලට්වල පරණ බැටරි ඉවත් කරලා, අලුත් බැටරි දාලා රීකන්ඩිෂන් කරපු ෆැබ්ලට් විදියට තෝරාගත් රටවල විකුණන්නත් සැම්සුන්ග් සමාගම තීරණය කරලා තියෙනවාලු.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments