අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

CARS : 2017 මර්සෙඩීස් AMG GT R


2016දී මුල්වරට එලිදැක්වූ මර්සඩීස් AMG GT R රථයේ 2017 මාදිලිය ලීටර් 4, V8 බලසම්පන්න එන්ජිමකින් සමන්විතය. අශ්වබල 577ක් ජනනය කරන මේ එන්ජිම මගින් රථය නිසලබවේ සිට පැ.කි.මී 100 දක්වා ත්වරණය කරන්නට ගතවන්නේ තත්පර 3.7කි. පැයට කිලෝමීටර් 197ක උපරිම වේගයක් ඇති මෙහි 9 Speed ගියර් පද්ධතියක් ඇති අතර rear wheel drive ආකාරයෙන් ක්‍රියාත්මකවේ.

විශාල කාබන්-සෙරමික් ඩිස්ක් හා කහ පැහැති AMG බ්‍රේක් කැලිපර් වලින් ක්‍රියාත්මක වන ඩිස්ක් බ්‍රේක් පද්ධතිය නිර්මාණය කොට ඇත්තේ අධි වේගී ධාවනයේදී හැකි ඉක්මණින් වාහනයේ වේගය අඩුකර ගැනීමට හැකිවන ලෙසයි.



මර්සඩීස් සමාගමට අයත් AMG අංශය මර්සඩීස් කාර් රථ අධිවේගී, ඉහල ක්‍රියාකාරිත්වයෙන් යුතු වාහන බවට පරිවර්තනය කරන අංශයයි. කලින් AMG ස්වාධීන සමාගමක් වූ අතර ව්‍යාපාරයක් ලෙස මර්සඩීස් කාර් සුපිරි අධිවේගී වාහන බවට පරිවර්තනය කලා. 1999දී මර්සඩීස් සමාගම විසින් මෙය මිළදීගත් අතර අද මර්ස්ඩීස් සමූහව්‍යාපාරයේ සාමාජිකයෙක් ලෙස ක්‍රියාත්මක වනවා.













__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments