ඉලෙක්ට්‍රික් කාර් වලට ප්‍රසිද්ධ ටෙස්ලා කොම්පැණිය මෑතකදී අලුත් වැඩක් බාරගත්තා. ඒ නිතරම බළශක්ති අර්බුධයකින් පෙලෙන දකුණු ඔස්ට්‍රේලියාවට ස්ථාවර බළශක්ති පද්ධතියක් ලබාදීම. ඊලෝන් මස්ක් බිලියනපතියාගේ සභාපතිත්වයෙන් යුතු ටෙස්ලා සමාගම, ඔවුන් කාර්වලට යොදන සුපිරි බැටරි තාක්ෂණයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ විදුලි අර්බුධයට විසඳුමක් ලබාදීලා. ඒ ලෝකේ ලොකුම බැටරිය දකුණු ඔස්ට්‍රේලියාවේ සවි කිරීමෙන්.
දින 100කින් හයිකරලා දකුණු ඔස්ට්‍රේලියානු විදුලි පද්ධතියට සම්බන්ධකරපු මේ යෝධ බැටරිය මෙගාවොට් සීයක බළශක්තියක් ගබඩාකර ගන්න අතර එය ආරෝපණය කරන්නේ අසල ඇති සුලං බළාගාරයකින්. පාපන්දු පිටියක් තරම් විශාල මේ බැටරි පද්ධතිය දකුණු ඔස්ට්‍රේලියාවේ නිවෙස් 30,000කට අඛණ්ඩව විදුලිය ලබාදීමට තරම් බළසම්පන්නයි.
Comments
Post a Comment