අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

INNOVATIONS : බයෝ හයිබ්‍රිඩ් රොබෝ තාක්ෂණය

බයෝ හයිබ්‍රිඩ් රොබෝ තාක්ෂණය යනු ජීවී පටක වලින් රොබෝවරුන් තැනීමයි. ඒ අනුව රොබෝ යන්ත්‍ර වලට සිය කාර්යයන් අඩු බළශක්තියකින් හා අඩු බළ පිරිවැයකින් සිදුකර ගැනීම සඳහා ඔවුන්ට ජීවී පටක වලින් තැනූ මාංශපේෂි ලබාදීමට බලාපොරොත්තුවේ. සාමාන්‍යයෙන් යාන්ත්‍රික රොබෝවරුන් සිය අවයව ක්‍රියාත්මක කරන්නේ මෝටර් හා කේබල් ආධාරයෙන්, නැතිනම් පරිගණකයක් මෙහෙයවන හයිඩ්‍රොලික් පද්ධතියකින්.

ඉතා සුනම්‍ය ක්‍රියාකාරකම් හා සෙමින්, අඩු බලයකින් සිදුකල යුතු ක්‍රියාකරකම් සිදුකිරීමට මේ යාන්ත්‍රික උපක්‍රම නොසුදුසු වන අතර පරිගණක විධානවලට ක්‍රියාත්මක වන ජීව මාංශපේෂි මගින් මේ ගැටලුව මගහරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments