අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARE U SERIOUS? : ප්‍රෝගැමර්ලාගේ ළාමක අමතකවීම නිසා කඩා වැටුනු රුසියන් රොකට් එක



රුසියාවේ අලුත්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝම් මධ්‍යස්ථානයෙන් පසුගිය නොවැම්බර් 22වැනිදා ගුවන්ගත කල සෝයුස් රොකට්ටුව නියමිත කක්ෂයට අවතීර්ණවීමට අපොහොසත්වුනා. සාර්ථකව රොකට් පර්යන්තයෙන් ගුවනට නැගුණු රොකට්ටුවේ දෙවන අදියර වන ෆ්‍රිගැට් අදියරේ රොකට්ටු නිවැරදි දිශාවට එල්ල නොවී දැල්වීම නිසා එය කක්ෂයට යනවා වෙනුවට කඩා වැටුනා. මේ නිසා එය රැගෙන ගිය රුසියන් කාළගුණ චන්ද්‍රිකාව හා වෙනත් රටවල් වලට අයත් කුඩා මයික්‍රෝ චන්ද්‍රිකා 18ක් විනාශවී ගියා.

මේ අණතුරට හේතුව තවමත් විමර්ෂණය වෙමින් පැවතුනත් මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ රොකට්ටුවේ ගයිඩන්ස් පරිගණකය, එම රොකට්ටුව කසකස්ථානයේ බයිකොනූර් මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වන බවට තේරුම්ගෙන දෙවන අදියරේ රොකට්ටු ක්‍රියාත්මක කොට ඇති බවයි. එහෙත් මේ රොකට්ටුව දියත්වුනේ ඊට කිලෝමීටර් 6500ක් නැගෙනහිරින් පිහිටි වොස්ටොක්නි වෙතින් නිසා රොකට් දැල්වීම වැරදියට සිදුවී තිබෙනවා.

බයිකොනූර් කොස්මොඩ්‍රෝම් හා වොස්ටොක්නි කොස්මොඩ්‍රෝම් අතර දුර කිලෝමීටර් 6500කි
හෙලිවී ඇති අන්දමට සෝයුස් රොකට් වැඩසටහනේ ගයිඩන්ස් පරිගණක වැඩසටහන් සූදානම් කරන මෘදුකාංග ඉන්ජිනේරුවන් පරිගණකයේ ගයිඩන්ස් මෘදුකාංගය නිවැරදි දත්ත සමග යාවත්කාලීන නොකිරීම නිසා මේ විනාශය සිදුවී තිබෙනවා. විචාරකයින් පවසන්නේ මෙවැනි ළාමක අතපසුවීම් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රුසියානු/සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට මහත්වූ කැළලක් බවයි.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments