ASTRONOMY : 99%ක්ම අඳුරු පදාර්ත (Dark Matter) වලින් සෑදුනු චක්‍රවාටයක් සොයාගැනේ!!!


අපේ ක්ෂීරපථය චක්‍රවාටයට බොහොම ලඟින් තියෙන චක්‍රවාටයක් මේ ලඟදී සොයා ගැනුනා. Dragonfly 44 ලෙසින් නම් කරන ලද මේ චක්‍රවාටය මෙතෙක් කල් උපකරණවලට හසු නොවී තිබුණේ එහි ඉතා සුළු තාරකා ප්‍රමාණයක් ඇති නිසා. Ultra Diffuse Galaxies හෙවත් ඉතාමත් විසරණයවී ඇති චක්‍රවාට ගනයට අයත් ඩ්‍රැගන්ෆ්ලයි 44 චක්‍රවාටයේ සාමාන්‍ය පදාර්ථ ඇත්තේ 0.01% පමණයි. මෙවැනි ඉතා අඩු සාමාන්‍ය තාරකා ප්‍රමාණයක් ඇති චක්‍රවාට කැඩී විසිරී නොගොස් එකට රැඳී පවතින්නේ එම චක්‍රවාටවල ඇති අඳුරු පදාර්තවලින් ජනනය කරන ගුරුත්වාකර්ෂණය නිසා කියලා තාරකා විද්‍යාඥයින් කියනවා.

99.99%ක්ම අඳුරු පදාර්ත ඇති ඩ්‍රැගන්ෆ්ලයි 44 චක්‍රවාටය ආලෝක වර්ශ 60,000ක් විශාලයි. අඳුරු පදාර්ත යන තවමත් විද්‍යාඥයින්ට සම්පූර්ණයෙන් විස්තර කල නොහැකි, එහෙත් ගණනය කිරීම්වලදී හසුවන අපූර්ව පදාර්ත විශේෂයක්. මේවා කෙසේ සෑදී ඇතිද යන්න තවමත් පැහැදිලි නෑ. එමෙන්ම අඳුරු පදාර්ත අප උපකරණවලට හසුවන විකිරණ නිකුත් නොකරන නිසා ඒවා කෙලින්ම නිරීක්ෂණය කිරීම කල නොහැකියි. 

කෙසේවෙතත් එම අඳුරු පදාර්තද සාමාන්‍ය පදාර්ත මෙන්ම ගුරුත්වබලයක් ජනනය කරන අතර ඩ්‍රැගන්ෆ්ලයි 44 චක්‍රවාටයේද 99.99%ම අඳුරු පදාර්ත ඇතිබව නිගමනය කරගෙන ඇත්තේද මේ අන්දමටයි. තාරකා විද්‍යාඥයින් පවසන අන්දමට චක්‍රවාටයක තාරකාවල භ්‍රමණ වේගය, එම චක්‍රවාටයේ ඇති සම්පූර්ණ පදාර්ත ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. එනම් විශාල පදාර්ත ප්‍රමාණයක් ඇති චක්‍රවාටවල තාරකා ඉතා වේගයෙන් භමණය වන අතර අනෙක්වා සෙමින් භ්‍රමණය වනවා. ඩ්‍රැගන්ෆ්ලයි 44 චක්‍රවාටයේ තාරකාවල භ්‍රමණය නිරීක්ෂණය කලවිට, ඒවා ඉතා වේගයෙන් භ්‍රමණය වන බව නිරීක්ෂණය වී තිබෙනවා. එනම් දෘශ්‍ය ආලෝකය හෝ වෙනත් විද්‍යුත් චුම්බක විකිරණ නිකුත් නොකරන හිස් ප්‍රදේශ මෙන් පෙනුනත් මේ චක්‍රවාය ස්කන්ධයක් ඇති, ගුරුත්ව බලයක් ඇති අඳුරු පදාර්තවලින් පිරී තිබෙන බවට නිගමනය වී තිබෙනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments