අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

INNOVATION : ලෝක විනාශයකට ඔරොත්තුදිය හැකි බෝග


සිතාගත නොහැකි තරමේ දරුණු කාළගුණ විපර්යාස නුදුරු අනාගතයේදීම සිදුවිය හැකි බවට ලකුණු දැන් දැන් පහලවෙමින් තිබෙනවා. ලොව පුරා රටවල දරුණු නියඟ, විශාල ජලගැලීම් ඇතිවන දරුණු කුණාටු, නිරන්තර වැසි ආදී විවිධ විපර්යාස නිතර අසන්නට, දකින්නට ලැබෙනවා. ලංකාවෙත් එහෙමයි.

මේ කාළගුණ විපර්යාස නිසා සිදුවන වගා හානි අතිවිශාලයි. කෙටිකාලීන වගා හානිවලට අමතරව දිගුකාලීනව මෙවැනි විපර්යාස වලට අපගේ වගා බෝග, විශේෂයෙන්ම ධාන්‍ය වර්ග, එළවලු හා පලතුරු ශාක කෙසේ ප්‍රතික්‍රියා දක්වන්නේදැයි කියන්නට අමාරුයි. සමහර රටවල ප්‍රධාන ආහාරය වන බෝග එම රටවල කාළගුණය විපර්යාසවලට බඳුන්වීම නිසා වගාකරන්නට නොහැකිවීම සිදුවන්නට පුලුවන්. ඒ නිසා නුදුරු අනාගතයේ යලිත් වරක් සාගත ඇතිවීමේ හැකියාව තියෙන බවට විද්‍යාඥයින් අණතුරු අඟවනවා.

විපරීත කාළගුණ තත්වයන්ට ඔරොත්තු දිය හැකි බෝග වර්ග ඉක්මණින් නිර්මාණය කරගැනීමේ වැඩපිලිවෙලක් ඇමරිකාවේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව අරඹලා තියෙනවා. මේ වැඩපිලිවෙල අනුව විශාල හරිතාගාරවල කෘත්‍රිමව විපරීත කාළගුණ තත්ව ඇතිකරලා ඒ කාළගුණ තත්ව වලට ඔරොත්තු දිය හැකි බෝග නිර්මාණය කෙරෙනවා. මේ සඳහා වාණිජ බෝගවලට නෑදෑකම් දක්වන, එම කුළයේම කැලෑ ශාක (උදාහරණයක් ලෙස වල් වී) හා මුහුකරමින් මේ පර්යේෂණ කෙරෙනවා.

එමෙන්ම එවැනි කැලෑ ශාඛ වල ඇති විපර්යාස වලට ඔරොත්තුදෙන ජාන - උදාහරණයක් ලෙස දැඩි ශීතලට, දැඩි රස්නයට හෝ ඉහල ළවණ ප්‍රමාණයක් ඇති පස් හෝ ජලයට ඔරොත්තුදෙන හැකියාව එම ශාඛ වලට ලබාදෙන ජාන වෙන්කර හඳුනාගෙන ඒවා බෝගවල ජාන පද්ධතියට එකතුකිරීමත් මෙහිදී සිදුවනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments