ALIENS & EXTRATERRESTRIALS : පෘථිවිය ලඟින් ගිය සුරුට්ටුවක් හැඩැති අත්භූත අභ්‍යවකාශ වස්තුව පිටසක්වල යානයක්ලු?

 Pan-STARRS නම් අභ්‍යවකාෂ නිරීක්ෂණ වැඩසටහනේ ප්‍රභල දුරේක්ෂවලට මේ අත්භූත අභ්‍යවකාශ වස්තුව හසුවුනේ පසුගිය ඔක්තෝම්බර් 9වැනිදායි. නිතරම පෘථිවිය පසුකරමින් යන උල්කාපාත හා ග්‍රහක කැබලි බෝහෝවිට රළු ගෝලාකාර හැඩයක් ගන්නවා. ඒත් මේ අත්භූත වස්තුවේ හැඩය සුරුට්ටුවක් වගේ. ඒ නිසා එය අභ්‍යවකාශයේදී ස්වභාවිකව හැදුනු ග්‍රහක කැබැල්ලක් වෙන්නට බැරි බවයි විද්‍යාඥයින් පවසන්නේ. 

පෘථිවිය පසුකර යන, නැතිනම් පෘථිවියට කඩාවැටෙන බොහෝ ග්‍රහක හා උල්කාපාතවල උපත පෘථිවියේ ග්‍රහක මණ්ඩලයේ ඇති ග්‍රහක වළල්ල, නැතිනම් Oort Cloud ලෙස හැඳින්වෙන, ප්ලූටෝ ග්‍රහයාට වඩා ඉතාමත් ඈතින් හිරු වටා යන අයිස් කැට වළාවකින් කියලයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ. 

 A/207 U තාරකා විද්‍යාඥයින් ලෙස හඳුන්වන මේ සුරුට්ටුවක හැඩැති අත්භූත වස්තුව සෞරග්‍රහමණ්ඩයලට පැමිණ තිබෙන්නේ වෙනත් තාරකා මණ්ඩළයකින් බවයි දැන් තහවුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපගේ සෞරග්‍රහමණ්ඩයට පැමිණි පලමු අන්තර්-තාරකා (inter-stellar) සංචාරකයා විධියටයි මේ වස්තුව හඳුනාගෙන තියෙන්නේ. මෙය තාරකා අතර ගමන්කරලා තියෙනවා කියලා තහවුරුවෙලා තියෙන්නේ එහි පෘෂ්ඨයේ ඇති රතට හුරු වර්ණය. තාරකා අතර ගමන්කිරීමේදී දැඩි කොස්මික් කිරණවලට ඉතා දීර්ඝකාළයක් හසුවීම නිසා මෙලෙස රත් වර්ණයක් ඇතිවී තිබෙන බවයි ඔවුන් කියන්නේ.

මෙය පිටසක්වල යානයක් බවට අනුමාන කිරීමට තවත් හේතුවක් වන්නේ වෙනත් ග්‍රහක හා උල්කාපාත මෙන් මෙයින් නිකුත්වෙන ගෑස් හා දූවිලි වලාවන්  නැති වීමයි. මෙවැනි ගෑස් හා දූවිලි වලාවන් එම වස්තූන් හිරුට ලංවන විට වල්ගයක් මෙන් ඈතට ඇදී වල්ගාතරු මෙන් දිස්වෙනවා. මෙහි එවැනි ගෑස් හෝ දූවිලි වලාවන් නොමැතිවීම නිසා මෙය ස්වාභාවික වස්තුවක් නොව කෘත්‍රිමව නිර්මණය කල වස්තුවක් බවටයි විශ්වාස කලහැකිලු.


 නිළවශයෙන් A/207 U ලෙස හඳුන්වන වස්තුවට තාරකා විද්‍යාඥයින්  Oumuamua කියලා නමක් දාලා.  Oumuamua කියන්නේ හවායි දූපතේ ස්වදේශිකයින්ගේ භාශාවේ වචනයක්. එයින් කියවෙන්නේ ඉතා ඈතක සිට ආ පලමු අමුත්තා කියන එකයි. 

විද්‍යාඥයින් පවසන අන්දමට මෙය පිටසක්වල දියුණු ජීවීන් වර්ගයක් විසින් නිර්මාණය කරන ලද අන්තර්-තාරකා අභ්‍යවකාශ යානයක් වීමටද ඉඩ තිබෙනවා. ඔවුන් පවසන අන්දමට අධිකවේගයෙන් යන අභ්‍යවකාශ යානයකට සුදුසුම හැඩය සුරුට්ටුවක හෝ ඉඳිකට්ටක හැඩය. එයට හේතුව වන්නේ සාමාන්‍යයෙන් වාතය නැති ශුන්‍යයක් වුවත් අධික වේගයෙන් යන අභ්‍යවකාශ යානයකට අභ්‍යවකශයේ ඉතා සුළුවෙන් ඇති හයිඩ්‍රජන් වායු අණු බාධකයක් වෙනවා. මේ බාධකය බිඳගෙන යන්න නම් ගුවන්යානයක් වගේ හැඩයක් තිබිය යුතුයි කියලයි ඔවුන් කියන්නේ.

අභ්‍යවකාශ යානයක මෙන් එන්ජින් හෝ වෙනත් ප්‍රචාලක උපක්‍රමයක් දකින්නට නොමැතිවීම ගැටලුවක් වුවත් සමහර විද්‍යාඥයින් පවසන්නේ සෞරග්‍රහ මණ්ඩළයට ඇතුලුවූ පසු එය එන්ජින් නිවා දමා සූර්යායාගේ ගුරුත්වය භාවිතාකර ගෙන සෞරග්‍රහමණ්ඩලය හරහා ගමන් කරනවා විය යුතුයි යන්නයි. 

පෘථිවියෙන් අඟහරු හා වෙනත් ග්‍රහයන් වෙත යවනලද සියලුම යානා භාවිතා කරන්නේ මේ උපක්‍රමයයි. එකදිගටම එන්ජින් දල්වාගෙන කිලෝ මීටර් මිලියන ගණනක් ගමන් කිරීමට ඉන්ධන ගෙනයා නොහැකි නිසා වෙනත් ග්‍රහලෝක වලට යවන යානා, හිරුගේ ගුරුත්වාකර්ෂණයට හසුවෙන කක්ෂයකට යොමුකොට, හිරුගේ ආකර්ෂණය යොදාගෙනයි ඒ ග්‍රහලෝක වෙත යවන්නේ.

සමහරුන් උපකල්පණය කරන්නේ මේ යානය අතිවිශාල පිටසක්වල යානයකින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කිරීමට යැවූ උප යානයක් බවයි. එය සෞරග්‍රහමණ්ඩයයෙන් ඉවත්වූ පසු මව්යානය වෙත යනු ඇති බවයි ඔවුන් අනුමාන කරන්නේ.

තවත් විද්‍යාඥයින් පිරිසක් මෙය අබලන්වී අතහැර දමා ඇති යානයක් බවත් එය ඉබාගාතේ යනබවත් පවසනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments