අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS : චමත් පලිහපිටිය - බිට්කොයින් එකක වටිනාකම ඩොලර් මිලියනයක් දක්වා වැඩි වෙනවා!!


ලංකාවේ ඉපදී කුඩාකලම දෙමව්පියන් සමග කැනඩාවේ පදිංචියට ගිය චමත්  කැලිෆෝනියාවේ, සිලිකන් නිම්නයේ ජනප්‍රිය ආයෝජකයෙක් මෙන්ම ව්‍යාපාරික විචාරකයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මාර්ක් සකර්බර්ග් සමග ෆේස්බුක් සමාජ ජාලය ආරම්භවූ කාලයේ එහි ජ්‍යේෂ්ඨ විධායක නිළධාරියෙකු ලෙස සෑහෙන කාලයක් සේවය කොට, ඒ වෙනුවෙන් ලැබූ ෆේස්බුක් කොටස් පාරිතෝෂික විකුණා මිලියනපතියෙකු වීම නිසාය. 

ඇමරිකාවේ CNBC රූපවාහිණී චැනලයේ ව්‍යාපාරික විමසුම් වැඩසටහන්වලට චමත් පලිහපිටියට නිතර ආරාධනා ලැබේ. විශේෂයෙන්ම තාක්ෂණික සමාගම් වල ප්‍රගතිය හා අනාගත සැළසුම්, ඔවුන්ගේ ව්‍යාපාර මොඩල පිලිබඳව චමත්ගේ විචාරයන් ඉතාමත් විචක්ෂණ වන අතර, සමහර අවස්ථාවලදී මතබේදාත්මක අදහස්  නොබියව  ඉදිරිපත් කිරීම ඔහුගේ විචාරයන් ජනප්‍රිය වීමට එක් හේතුවක් වී ඇත.



පසුගිය දෙසැම්බර් 12 වැනිදා CNBC සේවයේ "Squeak Box" ව්‍යාපාරික විචාරක වැඩසටහනට සහභාගී වූ චමත්, බිට්කොයින් පිලිබඳව සිය අදහස් පලකල සිටියේය. චමත්ට අනුව ඔහු බිට්කොයින් වල ආයෝජනය කරන්නට පටන් ගත්තේ 2012 වසරේ සිටය. ඒ වනවිට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 100ක් විය. අද දින (දෙසැම්බර් 24) බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 13,580කි. 

චමත්ට අනුව ඉදිරිවසර 5-6 තුලදී බිට්කොයින් එකක වටිනාකම ඩොලර් මිලියනය දක්වා වැඩිවනු ඇත. වැඩටසටහන මෙහෙයවන්නන් බිට්කොයින් වල ආයෝජනය කල යුත්තේ කෙසේදැයි විමසූ විට චමත් පවසන්නේ තම සම්පූර්ණ ආයෝජනයෙන් 1%ක් බිට්කොයින් වලට යෙදවීම ඉතා ආරක්ෂිත මෙන්ම අනාගතයේ හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි උපක්‍රමයකි.

චමත් පලිහපිටිය සමග බිට්කොයින් පිලිබඳව සංවාදයකට එළඹුන "Tech Crunch" තාක්ෂණික වෙබඩවියට ඔහු කියාසිටියේ මේවන විට ඔහු සතුව ඩොලර් මිලියන 5ක් වටිනා බිට්කොයින් ආයෝජන ඇති බවයි. ඉදිරියේදී සිය බිට්කොයින් ආයෝජන ඩොලර් මිලියන 10-15 දක්වා වැඩිකිරීමටද බලාපොරොත්තු වන බව ඔහු ටෙක්-ක්‍රන්ච් සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියා.

චමත්ගේ මතය අනුව බිට්කොයින් ආයෝජනවල අවදානමක් ඇතත්, මහබැංකුවල පාලනයකින් තොරව ක්‍රියාත්මකවන, සම්පූර්ණයෙන්ම peer-to-peer තාක්ෂණයේ ඩිජිටල් මුදල් වර්ගයක් වන බිට්කොයින්, ඒ නිසාම අනාගතයේ මූල්‍ය වෙළඳපොල බෙහෝ සෙයින් ව්‍යාකූලකල හැකි නිර්මාණයකි. ඔහුට අනුව බිට්කොයින් වලට අන්තර්ජාල තාක්ෂණය තරමටම ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු කල හැකි විභවයක් ඇත.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments