HAPPY NEW YEAR 2018 : නව වසර සාර්ථක කරගන්න පුංචි ඔවදන් කිහිපයක්!

ඔබ පසුගිය වසරේ සාර්ථකව ඉටුකරගත් දේ ගැන නැවත ආවර්ජනය කරන්න

අලුත් වසර ඇරඹෙන විට, පසුගිය වසරේ සාර්ථක කරගත් දේ ගැන ආවර්ජනය කිරීමෙන් ඔබට, ඔබ පිලිබඳව ආත්ම විශ්වාසය වැඩි වනට අතර, ඒවා සාර්ථක කරගැනීමට ඔබ ගත් වෑයම් හා ක්‍රියාමාර්ග අලුත් වසරේ අභියෝග ජයගැනීමට උපයෝගීකර ගන්න පුලුවන්. ඒ වගේම ජයග්‍රාහී හැඟීමෙන්, තෘප්තිමත්ව අලුත් අවුරුද්ද පටන්ගන්න පුලුවන්.

නව වසරේ අත්පත් කරගත යුතු, කරගත හැකි ඉලක්ක ලයිස්තුවක් සකසන්න. 

මෙවැනි ප්‍රමුඛතා ලයිස්තුවක් සැකසීම නිසා, ඔබට ඔබගේ ශක්තිය වැයකලයුතු, කාළය වෙන්කල යුතු දෑ හඳුනාගත හැකි අතර ඒවා හඹායාමට අවස්ථාව උදාකරගන්නවා. එමෙන්ම කලින් කලට ප්‍රගති සමාලෝචනයක් සිදුකිරීමටද අවස්ථාව ලැබෙනවා.




පටන් ගත් වැඩ ඉවර කරන්න පුරුදුවෙන්න

පටන් ගත් වැඩ කරලා අවසන් කරන්න, පොඩි පොඩි කෑලි පස්සට කල් දමා ඉතුරු වෙන්නට ඉඩහරින්නේ නෑ කියලා තමන්ටම නියමයක් පනව ගන්න. කල් දැමීමෙන් වැඩ ගොඩවෙනවා වගේම වැඩවල ප්‍රමිතියත් බාල වෙනවා.

වැඩ රාජකාරි හා සමාජ සම්බන්ධතා වලින් වෙන්වෙලා තමන්ට හා පවුලට කියලා කාළයක් වෙන්කර ගන්න.

ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට් අපිව වැඩට වගේම අපේ සමාජ ජාලයට පැය 24ම බැඳලා තියලා. මේ නිසා පවුල් සම්බන්ධතා, දරුවන්ගේ අවශ්‍යතා වගේම තමන්ට කියලා නිදහසේ ඉන්න කාළයක් නැති වෙලා. මේ කාලය සකස ගන්න එක මේ අලුතින් එන අවුරුද්දේ ප්‍රමුඛතාවයක් කියලා අරගන්න.

දවසේ එක්තරා වෙලාවකට පස්සේ ස්මාර්ට්ෆෝනයේ මැසේජ් චෙක් කරන එක, ඊමේල් චෙක් කරන එක වගේම ඇමතුම් (හදිසි පෞද්ගලික ඇමතුම් හැරෙන්නට ) වලට පිලිතුරු දෙන එක නවත්වන්න. සේවා ස්ථානයෙන් ජංගම දුරකථනයක් දීලා තියෙනවනම් රාත්‍රියේ එක් වෙලාවකට (උදා: රාත්‍රී 7න් පස්සේ) ක්‍රියා විරහිත කරලා දාන්න.

රැකියාවේ, ව්‍යාපාරික ලෝකයේ වෘත්තීයමය සබඳතා ඇතිකරගන්න, පවත්වාගෙන යන්න, දියුණු කරගන්න උනන්දුවෙන්න.

Professional networking කියන්නේ තමන්ගේ වෘත්තියට, රැකියාවට, ව්‍යාපාරයට උදව්කරන්න පුලුවන්, ඒවගේම තමන්ගෙනුත් යම් උදව් බලපොරොත්තු වෙන අය සමග ඇති කරගන්නා සබඳතා. මේවා වැඩි දියුණු කර ගන්න උත්සහකරන්න. ඔබ රැකියාව කරන ස්ථානයේ වෙනත් දෙපාර්තමේන්තුවල අය සමග කතාබස් කරන්නට, ඇයි හොඳයි කම් ඇති කරගන්නට, ඒවගේම වෙනත් ආයතනවල පුදගලයින් සමගත් එවැනි සබඳතා ඇති කරගන්න උනන්දුවන්න. ඒවා වෘත්තිය මට්ටමෙන් පවත්වා ගන්න.

ස්තූතිකරන්නට, කෘතඥවෙන්න පුරුදුවෙන්න.

රැකියාවෙදි, වෘත්තියෙදි, ව්‍යාපාරික කටයුතු වලදි උදව්කරන අයට තරාතිරම නොබලා ස්තූති කරන්න, කෘතඥතාවය පෙන්වන්න පුරුදුවන්න. ඔවුන්ට උපකාර අවශ්‍ය වෙලාවට ඒවා ලබාදෙන්න.









__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments