WINDOWS : වින්ඩෝස් 10 දැන් ඩිවයිසස් මිලියන 600ක!



මයික්‍රෝසොෆ්ට් ප්‍රධාන විධායක සත්‍යා නඩෙල්ලා මයික්‍රොසොෆ්ට් කොටස් හිමියන් වෙත යැවූ නිවේදනයක ඔවුන්ගේ වින්ඩෝස් 10 සංස්කරණය දැන් ලැප්ටොප්, ටැබ්ලට්, Xබොක්ස් ආදී ඩිවයිසස් මිලියන 600ක ස්ථාපනය වී ඇති බව හෙලිකලා.

වින්ඩෝස් 10 එලිදක්වන විට මයික්‍රෝසොෆ්ට් සමගම භාවිතාකරන්නන් බිලියනයක ඉලක්කයක් තබාගෙන සිටියත් එය මිලියන 700කින් පමණ නතරවනු ඇතැයි තාක්ෂණ වෙළඳපොල විචාරකයින් පවසනවා. මෙයට එක් හේතුවක් වන්නේ අසාර්ථකවීම නිසා මයික්‍රොසොෆ්ට් ස්මාර්ට්ෆෝන් ව්‍යාපෘතිය අතහැර දැමීමයි. ඒ අනුව නිළවශයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම ස්මාර්ට්ෆෝන් සඳහා ලබාදෙන අනුග්‍රහය නවතාදමා තිබෙනවා.

2017 Surface Pro මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් මාදිලියට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර එහි අලෙවිය සීග්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments