අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

UFO & EXTRATERRESTRIALS : පිටසක්වල යානා පිලිබඳව සැකයකින් තොර සාක්ෂි තිබෙනවා!



Advanced Aviation Threat Identification Program කියන්නේ පෙන්ටගනය විසින් ක්‍රියාත්මක කරපු පිටසක්වල යානා පිලිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකල ව්‍යාපෘතියක්. මේ වැඩසටහනේ ප්‍රධානියා ලෙස ක්‍රියාකල, දැන් විශ්‍රාම ගොස් සිටින බුද්ධි අංශ නිළධාරියෙකු වන ලුයී එලිසොන්ඩෝ ප්‍රකාශකරන විධියට පිටසක්වලින් හඳුනා නොගත් යානා පෘථිවියට පැමිණෙන බව සැකයකින් තොරවම තහවුරු වෙලා තියෙනවා.

2007 තරම් මෑතකදී ඇරඹුනු මෙම ව්‍යාපෘතිය මීට කලින් ඇමරිකන් ගුවන් හමුදාව ක්‍රියාත්මක කල "Project Blue Book" වැඩසටහන ක්‍රියාත්මකවූ අරමුණින්ම ක්‍රියා කොට තිබෙනවා. එනම් රේඩාර් වලට හසුවන, ගුවන් නියමුවන්ට දකින්නට ලැබෙන, පෘථිවියේ නිර්මාණය කල යානා නොවන බවට තහවුරුවූ යානාවලින් යම් තර්ජනයක් ඇතිදැයි සොයාබැලීමයි.


මේ යානාවල හැකියාවන් අධ්‍යයනය කල ඔවුන්ගේ නිගමනය වන්නේ එම යානාවලට ඇති පියාසර හැකියාවන් දැනට මානවයින් සතු දියුණුම ගුවන් තාක්ෂණයන්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙනවා.

මිනිසා නිර්මාණය කර ඇති කිසිම යානයක දකින්නට නැති අපූර්ව ප්‍රචාලක තාක්ෂණයන්, ගුවනේ හැසිරවීම් තාක්ෂණයන්, වගේම අප දන්නා කිසිදු ජීවියෙකුට දරාගත නොහැකි තරමේ ගුරුත්ව ත්වරණ බලවේගයන් ජනිතකරමින් පියාසර කිරිමට මේ යානාවලට හැකියි.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments