අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

PHYSICS : යුරෝපීය CERN විද්‍යාගාරයේ නටරාජා පිලිරුවක් තබා ඇත්තේ ඇයි?


යුරෝපීය CERN විද්‍යාගාරයේ නටරාජා පිලිරුවක් තබා ඇත්තේ ඇයි? කියන එක හොයන්න සිත්වුනේ කලින් පලකල "ARE U SERIOUS? : රාමා ඇත්තටම ලංකාවට පාලමක් හැදුවලු??" ලිපියට කොමෙන්ටුවක් දැමූ මේනක අසිත සොයුරා ඒ පිලිබඳව පලකල අදහස ඔස්සේ ගිහින්.

හොයාගන්න පුලුවන් වුනු විධියට European Center for Research in Particle Physics in Geneva, Switzerland (CERN) පර්යේෂණ මධ්‍යස්ථානයට මේ නටරාජා පිලිරුව තෑගිදීලා තියෙන්නේ ඉන්දියානු රජය විසින්. CERN ආයතනයත් ඉන්දියාවේ න්‍යෂ්ඨික පර්යේෂණ ආයතනයත් අතර දිගුකාළයක ඉඳලා තිබුණු සබඳතාවය සැමරීම සඳහා තමයි මේ පිලිරුව තෑගිකරලා තියෙන්නේ.


හින්දු දේවමතයන්ට අනුව ශිව කියන්නේ මහා මැවුම්කරු වන දෙවියා. විශ්වය මවලා තියෙන්නෙත්, එය පවත්වාගෙන යන්නෙත්, එහි අවසාන විනාශයත් ශිව දෙවියන් විසින් බවයි හින්දු විශ්වාසය. නටරාජා පිලිරුවෙන් දැක්වෙන්නේ විනාශයේ නර්ථනයේ යෙදෙන ශිව දෙවියන්. 

නැසීගිය සුප්‍රකට භෞතික විද්‍යාඥ කාල් සේගන් වරක් අර්ධ-පරමාණුක අංශුවල (sub-atomic particles) චලනයවීම් නටරාජා ස්වරූපයෙන් ශිව දෙවියන් සිදුකරන නර්ථනයට සමාන කරලා උපමා-රූපකයක් ඉදිරිපත්කරලා තියෙනවා. ඒ කාලයේ CERN විද්‍යාගාරය බිහිවී නොතිබුණත් ඉන්දියාව, CERN පර්යේෂණාගාරයට නටරාජා පිලිරුවක් තෑගි කරන්නට මෙය හේතුවෙන්නට ඇතියි සිතනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments