SOCIAL : Micro Wedding - මේ අවුරුද්දේ ජනප්‍රියවෙන්නට පටන්ගත් විවාහ උත්සව මාදිලිය


දැන් කාලේ ලංකාවෙ විවාහ මංගල්ලයක් කියන්නේ ලොකු පල්ලියක වාර්ෂික මංගල්‍ය උත්සවය නැතිනම්, ලොකු පන්සලක කඨින පිංකම වගේ ලොකුම ලොකු ඉවෙන්ට් එකක්. 

මේ කියන්නේ මීට අවුරුදු 20කට විතර කලින් අපි කසාද බැඳපුකාලේ (ඒ කියන්නේ 1997) විවාහ උත්සව හරිම චාම් කියන එක නෙමෙයි. ඒ කාලෙත් වෙඩිං කියන්නේ ඇත්තමට සල්ලි කන, අලුත් ජෝඩුව ණය කරන, වෙඩිං එකෙන් පස්සේ සෑහෙන කාලයක් ජෝඩුව රිම් එකෙන් යවන සීන් එකක්.

වෙඩිං වියදම් අතරින් ෆොටෝග්‍රැෆි නැතිනම් ඡායාරූපකරණයට වියදම්කරන සල්ලි කන්දරාව දැක්කම මොන අපරාධයක්ද කියලා හිතෙනවා. 

1997දී මාගේ විවාහ උත්සවයට රුපියල් 25,000ක් (ඩොලර් එකට සාපේක්ෂව බැලුවහම දැන් වටිනාකම රුපියල් 60,000ක් විතර) වියදම් කරලා හදපු ඇල්බම් එක දැන් පුස් කනවා. අවුරුදු 10කින්වත් පෙරලලා බලලා නෑ. හැම ඇල්බම් එකකම ඉරණම ඕකම තමයි. වෙඩින් එක ඉවරවෙලා අවුරුද්දක් විතර යනකම් ඕක බලනවා. ඊට පස්සේ පුස්කනවා. වීඩියෝවලටත් ඒ ටිකමයි.

දැන් වෙඩිං ෆොටෝග්‍රැෆි කියන්නේ තනිකරම නාඩගමක් කියලා හිතෙනවා. මේක කියවන ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්ලා තරහා වෙන්න, බඩේ පාර ගහන්න හදනවා කියලා හිතන්න එපා. ඒත් ඉස්සර වෙඩිං දවසෙ ශූට් එකයි, හෝම් කමින් ශූට් එකයි කියලා දෙකකට සීමාවෙලා තිබුණත් දැන් එක එක ජාතියේ ශූට් තියෙනවා. 

වෙඩින් එකට ඉස්සෙල්ලා ලව් කරපු හැටි, එක එක ඉවෙන්ට් සෙලිබ්‍රේට් කරපු හැටි පෙන්නන්නට ෆොටෝ ශූට් තියෙනවා. කැමරාමන්ලා දෙතුන් දෙනෙක් ලක්ෂ දෙකේ තුනේ කැමරා අරගෙන, ලයිටින් ඇටවුම් කරේ තියාගෙන ටෙලි නාට්ටියක් රූගත කරනවා වගේ මාර ඔපරේෂන් එකක්. ඒ  විතරක් නෙමෙ විඩියෝ ඩ්‍රෝන් එකකුත් උඩ යවලා උඩින්, යටින්, වටෙන්, ගස් අස්සෙන් හැම ඈන්ගල් එකෙන්ම ෆොටෝ, වීඩියෝ ගහනවා. සමහර අය ඔය ශූටින් වලට මහා වියදමක් දරලා වෑන් බුක් කරගෙන නුවර එළිය වගේ තැන් වලටත් යනවා.


ලංකාවෙ විතරක් නෙමෙයි. වෙන රටවලත් වෙඩිං කියන්නේ සල්ලිකන, බඳින උන් ණයවෙන, පවුල් දෙක අතර අමනාපකම් නොමනාපකම් ඇතිවෙන, හරිම ස්ට්‍රෙස් එකක් දෙන ඉවෙන්ට් එකක්. 

මයික්‍රෝ වෙඩින්

මයික්‍රෝ වෙඩින් කියන්නේ බොහොම ටික දෙනෙකුට ඉන්වයිට් කරලා පවත්වන, වියදම් අඩු සිම්පල් වෙඩිං ඉවෙන්ට් එකකට. ඉස්සරත් මයික්‍රෝ වෙඩින් තිබුණා, දැනුත් තියෙනවා. හොරෙන් බඳින කපල්, දික්කසාද වෙලා ඉඳලා නැවත බඳින ජෝඩු, මිළමුදල් හිඟ ජෝඩු අතර මයික්‍රෝවෙඩින් දැනටත් ජනප්‍රියයි.

ඒත් දැන් වෙනත් රටවල මිළමුදල් ඇති, යමක් කමක් කර ගන්න පුලුවන් අයත් මයික්‍රෝ වෙඩින් වලට නැඹුරු වෙමින් තියෙනවා. ඔවුන් කියන අන්දමට, 25 දෙනෙක් වගේ ලඟම නෑයෝ හා හැමදාම ලඟින් ඉන්න හොඳම මිතුරු මිතුරියන්ට විතරක් කියලා, චාම්ව ගන්න විවාහ උත්සව වඩා හොඳ වෙන්නේ;

1] විවාහ උත්සවයක නියම ප්‍රීතිය, කැමතිම අය එක්ක හිතේ හැටියට බෙදා ගන්න පුලුවන් වීම.

2] අඩු වියදම වගේම අඩු ස්ට්‍රෙස් එකකින් විවාහය කරගත හැකි වීම

3] ලඟම නෑයන්ට වගේම ලඟම මිතුරු මිතුරියන්ට වැඩිපුර වියදම් කරලා සුවිශේෂී විධියට සළකන්නට මයික්‍රෝ වෙඩින් මාදිලියෙන් අවස්ථාව උදාවීම

සුරතල් බල්ලාටත් ආරාධනා කරන්නට පුලුවන් වුනු මයික්‍රෝ වෙඩින් එකක්
මයික්‍රෝ වෙඩින් වලදී බොහෝවිට සාම්ප්‍රදායික චාරිත්‍රවාරිත්‍ර වලට අඩු තැනක් ලැබෙනවා.

1] සමහර විට පල්ලියේ චාරිත්‍ර සිදුවන්නේ නෑ
2] ලංකාවෙ නම් කපු රාළලා,  පෝරුවේ චාරිත්‍ර, ජයමංගල ගාථා නැති වෙඩින් එකක්.
3] සංගීත කණ්ඩායම්, නැටුම් කණ්ඩායම් නැතිව ගන්න වෙඩින් එකක්
4] දස දහස් ගණන් වියදම් කරලා මල් සැරසිලි නැති වෙඩින් එකක්
5] අධික මුදලක් වියදම් කරලා ඇඳුම් හදන්නේ නැති චාම් උත්සවයක්
6] බෙස්ට්මෑන්ලා, බ්‍රයිඩ්ස්මේඩ්ලා, ෆ්ලවර් ගර්ල්ස්ලා, පේජ් බෝයිලා නැති එකක්




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments