BUSINESS : ඉන්දියාව, ඇමරිකාව හා චීනය අභිබවා යනු ඇත - මුකේෂ් අම්බානී



























Hindustan Times Leadership Summit සමුළුවට සහභාගීවූ ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයා වන මුකේෂ් අම්බානි ඉන්දියාව නුදුරු අනාගතයේදීම චීනය මෙන්ම ඇමරිකාවද අභිබවා ලෝකයේ ඉහලම ආර්ථිකය ඇති රට බවට පත්වෙනු ඇතැයි අනාවැකියක් පලකලා. අද වනවිට ඩොලර් ට්‍රිලියන 2.5ක් වන ඉන්දියානු දලදේශීය නිෂ්පාදිතය 2030 වනවිට ඩොලර් ට්‍රිලියන 7ක් දක්වා වර්ධනය වනු ඇතැයි ඔහු පැවසුවා.

17වැනි ශතවර්ශයේ සිට යුරෝපයේ නැග ඒමට පෙර වසර දහස් ගණනක්ම ලෝකයේ වඩාත්ම ධනවත් මෙන්ම විද්‍යා, කලා තාක්ෂණයන්හි ඉහලින්ම සිටියේ ඉන්දියාව හා චීනයයි. අභ්‍යන්තර අර්බුධ හා යටත්විජිත ක්‍රියාන්විත නිසා පසුබා සිටි ඉන්දියාව හා චීනය යන මහා රාජ්‍ය දෙකම අනාගත ලෝකයේ ධනවත්ම හා වඩාත්ම කාර්මික කරණවූ රටවල් වනු ඇති.

මුකේෂ් අම්බානි අදහස් කරන අන්දමට ඉන්දියාවට අංක එකට පැමිණීමට සාධක තුනක් බලපානවා.

1] ඉන්දියාව ලෝකයේ තරුණම ජනගහණයක් ඇති රටක් වන අතර ජනගහණයෙන් 63ක්ම වයස 35ට අඩු අයවීම ඉතා විශාල වාසියක්. දැනුමෙන්, හැකියාවෙන් හා ව්‍යාපාර ඇරඹී ධනවත්වීමේ ආශාවෙන් පෙලෙන ඉන්දියානු තරුණයන් ලෝකයේ වැඩිම නව ව්‍යාපාර ඇරඹෙන රට ඉන්දියාව පත් කරනු ඇති.

2] ඉන්දියාවට දැනට ඇති ප්‍රධානම අවාසිය වන යල් පැනගිය, දුර්වල යටිතල පහසුකම් සැබැවින්ම වෙස්වලාගත් ආශීර්වාදයක් වනවා. ඒ අනුව පැරණි තාක්ෂණයන් මත නොයැපී කෙලින්ම 21 වැනි ශතවර්ශයට ගැලපෙන යටතල පහසුකම් ඉදිකර ගැනීමට ඉන්දියාවට හැකියාවක් තියෙනවා.

3] ඉන්දියාවට හොඳ ඉදිරි දැක්මක් හා වැඩපිලිවෙලක් ඇති දේශපාලන නායකයින් සිටිනවා. ඔවුන් ඉන්දියාව වේගයෙන් සංවර්ධනය කිරීමේ මාවතකට පිවිස සිටිනවා. මෙය විශාල ශක්තියක්.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments